තැඹිලි කරත්තේ


වෙනදා වගේම ගජරාමෙට කන්තෝරුවේ වැඩ අහවරකරලා දෙයියනේ අදවත් වේලාසනින්  ගෙදරයතහැකි කියලා කන්තෝරුවෙන් එළියට බැහැලා අඩිදෙක තුනක් යනකොටම කොටුවට යන බස් එකක එල්ලෙන්න පුළුවන් වුනාව හිතට පොඩි කික් එකක් ආවා.
බස් එකේ පොරකාගෙන යනකොට ”නුවා” කොලූවගේ කැමරාව තියෙන මල්ල බේරගන්න දුන්නේ මිෂන් ඉම්පොසිබල් එකේ ටොම් කෲස් දෙනවා වගේ ගේමක්, කොහොම හරි යාන්තමින් කොටුව පාවෙන නොවෙන වෙළෙ`දසැල ළ`ගින් බැහැගත්තේ අතපය හතර යාන්තමින් බේරගෙනයි. බැහැලා ඉවරවෙලා වට පිට බැලූවා එතකොටත් හතරවටේම තිබුන ගොම්මන් අ`දුරත් එක්කම කච
ඒත් එක්කම මෙච්චර වෙලාවක් ඇ`ග ඇතුලේ තිබිලා දැ`ගලිල්ල එළියට ආපුනිසාම වෙනදාට වඩා  ඕනෑකමින වට පිට බැලූවා.  හිත ඉස්කෝල කාලයට ආයෙත් ගෙනයන ගමන් බැස්ටියන් මාවතේ පාවෙන නොවෙන වෙළෙ`දසැල අසල නාටු බලූ කුක්කෙක් පිළිමයක් වගේ ඉන්න එක දැක්කාම පොඩි අමුත්තක දැනුනා ඒත් ඊට එහායින් තියෙන තුන් කාලෙට දිරපු ලී කරත්තය දිහා බැලූවාම මූසල ගතිය දෙගුන උනා.වෙනදෙයක් වෙච්චාවේ කියලා කරත්තේ දිහාට යන්න පටන් අරගෙන ටික දුරක් යනකොට කරත්තෙන් එළිය දික් වෙච්ච නාටු කකුල් දෙකක් දියෙනවා දැක්ක ගමන් ”නුවාගේ” සිංහ ගමන ටිකක් ස්ලොවුනේ ඇ`ගට නොදැනී.
ඔන්න ඉතින් මේවෙලාවේ ”නුවාගේ” අත ඉබේමට ගියේ පිටේ එල්ලන් හිටිය මල්ලටයි, මල්ලේ තිබ්බ ”නුවාගේ” පණ කෙන්ද වගේ වුන කැමරාව එළියට ගත්තේ ඉස්සරහාට එන  ඕනම දේකට මූන දෙන්න ලෑස්තිවෙලයි. කැමරාවත් අමාරාගත් ”නුවා” වට පිට බැලූවේ වටේ පිටේ ඉන්න කවුදැයි බලාගන්නයි පේනතෙක් මානෙකෙට මිනිස් පුළුට්ටක් නැහැ, ඒත් පාරේ විදුලි වේගයෙන් වාහනයක් දෙක්ක ඉ`දලා හිටලා ගියා විතරයි, ඉරිදා දවසක් නිසා මේ ජන ශූන්‍ය ගතිය ඇතිවෙන්න ඇති කියලා තනියම හිතමින් ගොදුරක් ඩැහැගන්න මාන බලන කොටියෙක් වගේ ඉස්සරහට ගියා ටිකෙන් ටික ලංවෙලා කරත්තේ ල`ගටම ආවා කොහෙද කැමරාවක් අමෝරාගෙන ආවට අර නාටු බලූතඩියා නෙමෙයි තඹ සතේකට ගණන් ගත්තේ, මේකා හරියට කරත්තේ බොඩිගාඞ් වගෙයි හිටියේ.
 වෙනදෙයක් වෙච්චදෙන් කියලා කරත්තේ දිහාට ඔළුව දික්කළා මෙන්න බොලේ මනුස්සයේක් හතරට පහට නැවිලා කරත්තේ ඇතුලේ ඉන්නවා, එක පාරටම අදහා ගන්න බැරිවුනා මේ මොකෙක්ද මනුස්සයෙක්ද සතෙක්ද කියලා, මොකද මනුස්සයා ඒවෙලාවේ කරත්තෙට අඩුක්කරලායි හිටියේ,  ටිකක් වෙලා බලන් හිටිය ”නුවා” කොලූවා ඊට පස්සේ  බැලූවේ මනුස්සයා හුස්ම ගන්නවාද කියලා ඒක නිසා ලංවෙලා බැලූවා හුස්ම ගන්නවාද කියලා මිනිහා හිමීට හුස්ම ගන්නවා ඒත් එක්කම ”නුවා” ”නුවාටම” බැනගත්තේ කොහේවත් යන කුඩු කාරයෙක් නිසා ගෙදර යන්න තිබ්බ චාන්ස් එකත් නැති කරගත්තා කියලයි, ඒත් මේ වෙනකොටත් පින්තූර දෙකතුනක් ඩැහැගෙන හිටිය නිසා ඒ ගැන හිත හිතලා හිත නලව ගත්තා.
ඒත් ”නුවා” කොල්ලා ගෙදර ගියේ හිතේ ප‍්‍රශ්න පත්තරයකට උත්තර හොයන ගමන්, මේ දිරච්ච කරත්තේ හිටියේ කව්ද මේ හාදයා එක්ක හිටි හාදයාටම ගැලපෙන බලූ තඩියා ඇයි එතනට වෙලා හිටියේ කියන එක හොයගන්න  ඕනෙමයි කියලා ”නුවා” තීරණය කරණකොට කොට කොට ගිය බස් එක කැලණිය රජ මහා විහාරය පහු කරමිනු තිබුනේ ඉතින් හැමදාම වගේ කැලණිය විහාරයට සීට් එකෙන් නැගිටින ගමන් හිතුවේ අද දැක්ක මනුස්යවයි බලූ තඩියවයි අයෙත් දකින්න ලැබේවායි කියලයි.
දවස් කීපයක් සුපුරුදු විදිහට කන්තොරුවේ ලෝක යුද්දෙට මැදිහත් වෙලා උන්නු ”නුවා”කොල්ලාට එදා වෙච්ච දේ අමතකවෙලයි තිබුනේ කොහොමින් හරි ”නුවාට” වේලාසනින් අනික අයට පරක්කු වෙලාවට කන්තොරුවෙන් ආයෙත් දවසක් ගෙදර යන්න ලැබුන නියා සුපුරුදු යුද්දෙන් පස්සේ බැස්ටියන් මවතේ පාවෙන නොවෙන වෙළෙ`දසැල ගාවින් බැහින්න ට‍්‍රයි කලත් අලි මදිවට කොටි වගේ බස් එක වෙනදාට වඩා කොටුව පැත්තට වෙන්නයි නැවැත්තුවේ. එදා නම් ඉතින් බැස්ටියන් මාවත ඇවිස්සුනු කඩිගුලක් වගෙයි, ගෙදර යන්න හදිස්සියෙන් පාර පනින් හදින ”නුවා” එක පාරටම ඇක්කේ අර නාටු බලූ තඩියවයි ඒ එක්කම ”නුවා” කොලූවට උන් හිටි තැන් අමතක වුනේ සුපුරුදු විදිහට මල්ලට අතදාලා කැමරාව හොයන ගමිනුයි.
 කැමරාවත් අරගෙන බලූ තඩියා ඉන්න පැත්තට යනකොට දැකගන්න පුළුවන් වුනේ එදා දැක්ක බාගෙට දිරපු කරත්තෙයි.  ඒ එක්කම ”නුවාට”  එදා හතරට පහට නැවිලා පැක් වෙලා හිටිය මනුස්සයා මෙන්න සෝෆා එකක ඉන්නවා වගේ අර කරත්තේ ඉදගෙන ඉන්නාව. ”නුවාගේ” කැමරාවෙන් පින්තූර ගැනුනේ ඉබේමයි. එත් එක්කම පාවෙන නොවෙන වෙළෙ`දසැල ල`ග තැඹිලි විකුණන අයියලා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ  මේක දිහා බලගෙන ඉන්නකොට නම් පොඩි ලැජ්ජාවක් නොදැනුනා කියන්න බැහැ.
පුදුමේ කියන්නේ ”නුවා” කොලූවා මෙච්චර දේවල් කරලත් කරත්තේ හිටියේ උන්නු යෝධයාට ගානක්වත් නැති  එකනේ කොටින්ම කිව්වොත්  උන්නැහගේ පොටෝ ”නුවා” කොලූවා දිගට හරහට ගන්නාවා කියලා දන්නෙවත් නැහැ ඒ හන්දම මනුස්සයා ල`ගට තවත් ලංවෙනවත් එක්කම ”නුවා” කොලූවව දැක්ක මේ හාදයා මෙන්න කඩු සටනක් පටන් ගත්තා ඒ එක්කම මේ හාදයා කඩුවෙන කොටගෙන කොටාගෙන ගියා ඒ කඩු පහරවල් වලට”නුවා” කොලූවට කට උත්තර නැතිවුනා නොවැ, ඒ අස්සේ තැඹිලි විකුණනට අයියලත් මේදිහා බලාගෙන ඉන්නවා මොනවා උනත් නොන්ඩිවෙන්න බැරිනිසා ”නුවා”කොලූවත් කඩු සටනට අවතීරන වුනා මේ එක්ක ”නුවා” කොලූවගේ පුංචි හිතට ආපු ප‍්‍රශ්න අහන්න හො`දම වෙලාව මේක කියලා තේරුම ගත්ත නිසා මේ ගොයියාගේ වතගොත විමසලා බැලූවා. ( ලියුම්කරු මින් ඉදිරියට මෙම පුද්ගලාට සෝමපාල යනුවෙන් මෙහි සටන් කරයි *  සෝමපාල මෙතනට ආවේ ඇයි සෝමපාල මෙතරම් අගේට ඉංගී‍්‍රසි බස හසුරුවන්නේ කොහොමද මේවා ”නුවා” කොලූවාට දැනගන්නම  ඕනවෙලා තිබ්බා ඒ හන්දම පොටොගහන එක නවත්තලා සෝමපාල ගෙන් විස්තර අහන්න ”නුවා” කොලූවා තීරණය කලා.
 ඕන් ඉතින් ”නුවා” කොලූවා සෝමපාලගෙන් ඇහුවේ මහත්තයා හැමදාම මෙතනට එනවාද කියලා විතරයි මෙන්න මෙච්චර වෙලා හැගීම් දැනීම් නැතිව හිිටි සෝමපාල හ`ඩ අවදිකලේ ”නුවා” කොලූවාට වමනේ යන තරම් අපී‍්‍රය හිතෙන විදිහටයි.
මෙච්චර වෙලා කඩුවෙන් කොටපු සෝමපාල ලස්සනට සිංහල භාෂා මෝඞ් බටන් එක ඔන් කාලේ මෙන්න මේවිදිහටයි, ”මම හැමදාම බැස්ටියන් මාවත ගාවට එනවා හවස තුනට විතර, ඇවිත් මෙතට තැඹිලි බිස්නස් කරන  අයගේ තැඹිලි මැනින් මාර්කට් එකට හරි වෙනත් තැනකට කරත්තෙන් ගිහින් දාලා කීයක් හරි හොයාගන්නවා. මෙතනට තැඹිලි බිස්නස්කරන අය එන්නේ හවසටයි, හය පහුවෙනකොට මෙතන තියෙන්නේ යුද්ධයක්.
මමත් ඉතින් ඔය යුද්දේ නිසාම කීයක් හරි හොයාගන්නවා, මේ තැඹිලි බිස්නස් එක උදේ හය විතර වෙනකම් යනවා, උදේ හයෙන් පස්සේ මෙතන බිස්නස් කරන්න පොලිසියෙන් ඉඩ දෙන්නේ නැහැ ඒනිසා මට කීයක් හරි හොයා ගන්න චාන්ස් එකක් තියෙන්නේ ඔය වෙලාවේ විතරයි”.
 ඕන් ඉතින් ”නුවා” කොලූවා දවසකට කීයක් හොයා ගන්නවාද කියලා හොයාගන්නවාද කියලා සෝමපාල ගෙන් ඇහුවම මේ හාදයගේ මූන ඇඹුල් වුනේ හරියට නරක්වෙච්ච කෙසෙල් ගෙඩියක් වගෙයි. ඒ ඇඹුල් වෙච්ච මූනේ ”නුවා” කොලූවට සෝමපාල දවසකට හොයාගන්න ගාන හිතාගන්න පුළුවන් උනා, සෝමපාල නාට්ටාමි කෙනෙක් නොමෙයි ඒ හින්දා දවසකට ලොකු ගානක් හොයාගන්න විදිහක් නැහැ කියලා පස්සේ දවසක එතන හිටිය තැඹිලි බිස්නද් කරන අයියා කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් වුනා සෝමපාල දවසකට රුපියල් දෙතුනි සීයකට වඩා හොයගන්න හම්බවෙන්නේ නෑලූ
 ”නුවා” කොල්ලා සෝමපාලගෙන් ඇහුවේ ගෙදර විස්තරයි ඒක ඇහුව ගමන් මෙන්න මිනිහාගේ ඇස්වලින් ක`දුළු එන්න පටන් ගත්තා ඒක දැක්ක ”නුවා”කොල්ලටත් ෆුල් අප්සෙට් ඒත් ඒක පෙන්නන් ගියේ නැහැ මොකද එහෙම ගියානම් ”නුවා”කොල්ලට සෝමපාලගේ කතාව අහගන්න වෙන්නේ නැහැනොවැ. ක`දුළු පිහිදාන්න වුමනාවක් සෝමපාලට තිබ්බේ නැහැ, මනුස්සයා කතාව පටන් ගත්නේ ආයේ අර විදිහටම මවිල් කෙලින් වෙනවිදිහට උගුර හදගෙනයි එතකෙටනමි ”නුවා”කොල්ලට කාතාව එපා මම යන්නම් කියලා එන්නත් හිතුනා. කොයිකෙන් හර  ඕන ඉතින් සෝමපාල කතාව පටන් ගත්තා ”මම ඉන්නේ කෙහෙල් වත්තෙයි මම කලින් රේල්ලූවෙයි වැඩ කලේ මට දුවෙක් ඉන්නවා ඒත් එයාව අවුරුදු ගානකින් දැකලා නැහැ මගේ නෝනා නැතිවෙලා දැන් අවුරුදු ගානක් වෙනවා.
මම දැන් ඉන්නේ පොඩි කාමරේක ඒත අඩි දහයයි පහලොවේ සයිස් එකේ එකක් ඒකේ තමයි මම උයන්නේ කන්නේ නිදාගන්නේ ඔක්කෝම වැඩකරන්නේ මට දැන් ජීවත් වෙන්න කියලා ලොකු බලාපොරොත්තු නැහැ ඒ හින්දා මම ඉන්නම් වාලේ ඉන්නවා” සෝමපාල මේ කතාව  කියනකොට ”නුවා”කොල්ල වටේට කීප දෙනෙක් ඉදලා කියලා දැනුනේවත් නැහැ ”නුවා”කොල්ල සෑහෙන කාලෙකින් කිසිම කෙනේක්ගේ කතාවකට මෙච්චර උනන්දුවෙන් හුම්කන්දීලා නැහැ.
Add caption
”මම ටිකක්  නිල්පාට කට්ටියට ඒ දවස්වල වැඩ කළා නිල්පාට අය පැරදිලා කොළපාට අය දින්නාම මට මගේ රස්සාව නැතිවුනා ඊට පස්සේ මම රස්සාවල් ගොඩක් කළා ඒත් හිටිය තැනමයි මම කියන්නේ දේශපාලනේ කොරන්න ගිහින් අනථවෙන්න එපා කියලා විතරයි.
 මේ කතාව ඇහුව ”නුවා” කොලූවට හිතුනේ අපි කවුරුත් නොදැනුවත්ව දේශපාලූවෝ මේරටේ අහින්සක මිනිස්සු කීයකගේනම් ජීවිත  තමන්ගේ සුක විහරනයට පාළු කරන්න ඇතිද කියලයි.



Comments