පොල් ගෑම

"ලෝකයේ උතුම් රට ශ්‍රි ලංකාවයි" පොඩි කාලේ අපිට අම්මා ඉගැන්නුවේ එහෙමයි. "මේ උතුම් රටට ප්‍රයෝජනවත් මිනිහෙක් වෙන්න පුතේ" අම්මාගේ කටින් නිතරම පිටවුන තවත් එක වචනයක් තමයි ඒ. 
මේවා අහලා රටටත් තමන්ටත් වැඩැක් වෙන මිනිහෙක් වෙන්න නුවා කොල්ලා වගේම තවත් කොච්චර ඉගෙන ගන්න ඇත්තද? අනික නුවා කොල්ලා වගේ සාමාන්‍ය පවුල් වල කොල්ලන්‍ට කෙල්ලන්ට ඉතුරු වෙලා තිබ්බේ ඉගෙන් ගන්න එක විතරයි ඒ හින්දාම ගොඩක් අමාරුවෙන් ඕලෙවෙල් ගොඩදාගෙන ඒලෙවල් කරන්න පටන් ගත්තේ හිතේ බලාපොරොත්තු කන්දක් තියාගෙනයි. ඒත් කැම්පස් යන්න බැරිවුන නුවා කොල්ලා වහේ උන්ට කොරකියා ගන්න දෙයක් නැතිවුනා. 
මොනවා උනත් අම්මාගේ බලාපොරොත්තු ඉටුකරන්න හිතාගෙන ඉස්සරහට ඉගෙන ගන්න විදිහක් බැලුවා අවස්ථාවන් එමටයි ඒත් එක හෙනහුරෙක් ඉන්නවා ඒ තමයි පර සුද්දාගේ කුණුහරුප බාසාව. රුපියල් 150 ඉස්කොලේ ඉංග්‍රීසි පොත ඉගෙන ගන්න ක්ලාස් ගිය අපි වගේ උන්ට මොන කඩ්ඩද, අනේ අපොයි අපේ නිදහස් අධ්‍යාපනය කියලා හිතුනේ එතකොටයි. අපි අවුරුදු 13 ක් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් වචන දහයක් ගැටගහ ගන්න බැහැ ඒත් අපේම උන මාස 3 න් කොරියන් ඉහෙන ගෙන කොයියාවේ යනවා. මේක දැක්කාම හිතෙන්නේ අපි අපේ ගුරුවරුන් අවුරුදු 13  පොල්වත් හරියට ගාලා නැහැ කියලයි.

Comments