මේ දොහේ මගේ විචාරය

ගෝලීය කරණය විශ්ව ගම්මාන යන සංකල්ප හා ඩිජිටල් තාක්ෂණය මුසුවීමත් එක්ක රටවල් අතර දුරස් බව අඩුවී තියෙනවා. මේත් එක්කම එක රටක වෙන දෙයක් ඒ මොහොතේම ලෝකය පුරාම පැතිරී යන්න ගතවෙන්නේ තත්පර කීපයයි.
මේ දේත් එකක් අපි තේරුම් ගන්න  ඕන දෙයක් තමයි එක රටක දෙයක් මුළු ලෝකයටම බලපාන්න තියෙන ඉඩකඩ වෙනදාට වඩා අදවෙන කොට ගොඩක් වැඩි වෙලා තියෙන විත්තිය, මේ හින්දම ලෝකයේ හැම රටක්ම උත්සහ කරන්නේ ගෝලීය වශයෙන් හුදෙකලා නොවී සාමූහිකව වැඩකරන්නයි.
මේ හින්දාම  ¥පත් රජ්‍යක් වෙන අපිට වෙනත් රටකට වඩා  ගොලීය සම්බන්ධතා වැඩියෙන් වැදගත් වෙන්න පුළුවන් ඒ වගේම ඉතිහාසය පුරාම ශී‍්‍ර ලංකීය නායකයින් බාහිර පිරිස් සමග සම්බන්ධතා පත්වාගෙන යන්න වැඩි උන්නදුවත් දැක්වීමට උත්සහ අරන් තියෙවන බව පේන්න තියෙනවා.

මේක් තේරුම් ගත්ත නිසාම අලූත් ආණ්ඩුව පත්වුන ගමන් මුලින්ම කලේ විදේශ ඇමති ඉන්දියාවටයි යුරෝපා සංගමයටයි ඇමරිකාවට පිටත් කර යැව්වා  එකයි, ඒ එක්කම පුරසාරම් දෙඩෙව්වා මේ රට අයෙත් චීනයට විකුණන්නේ නැහැ කියලත්. ඒ එක්කම චීනයේ තානපතිතුමා අගමැතිතුමායි මුදල් ඇමතිවයි හමුබවුනේ මේ අය කියන දේවල් ඇත්තමට කරනාවද කියලා දැනගන්න අටියෙනුයි
පොර්ට් සිටි ව්‍යාපෘතිය නවත්වනවා කියලා ලොකුවට කට්ටිය කිව්වේ ජනතාවට කියලා  අත්පුඩි ගන්න පෙරේත කමේ කෙළහලමිනුයි.
මේ ඔක්කොම අතරේ ඇමරිකාවත් ඉන්දියාවත් ලොකු යාලූකමක්  අපිට පෙන්නුවේ පහුගිය වසර දහයෙත්  අපිව ආශ‍්‍රය කරන්න බැරි වුන එකේ වාඩුව ගන්නයි කියලා මට හිතෙනවා.
අස්සේ  චීනයේ ධුත කණ්ඩයමක් එන්නේ වාරය ව්‍යපෘතිය නවත්වන එක වලක්වන්නයි් එක්කම චීනය තරහා කරගන්න එක ඇ`ගට ගුණ නැතිවිත්තිය ආණ්ඩුවට තේරුම් ගිය හින්දායි විදේශ ඇමතිතුමා අන්තිමට චීනයේ සංචාරයකුත් කරන්නේ.
ඒ එක්ම මෙච්චර කාලයක් අපිත් එක්ක බද්ධ වෛරයෙන් හිටි ඇමරිකාව අපියි ඉන්දියාවයි ඇති කරගත්ත න්‍යෂ්ටික ගිවිසුමට අත් පුඩි ගැහුවේ ඇමරිකාවේ පදයට  ඉන්දියාව නටන හින්දා මිසක් ඒ ගිවිසුමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නිර්ණායකයන්ට අනුගත හින්දානම් නෙමෙයි කියන දේ අපි හැමොම තේරුම් ගතයුතුයි
මේ ගිවිසුම් අස්සේ ආණුඩුව මේ මාසයේ අන්තිමට පිට වෙන්න තිබුන මානව හිමිකම් වාර්තාව කල් දමාගන්නත් කට්ටිය එකග කරගන්නවා මේක වෙන්නේ සමරවීර මහත්තයාගේ ඇමරිකා සංචාරය ඉවර වුනහැටියෙයි. මූන් මහත්තයා නම් කියන්නේ එයාලා අපිට අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඉඩදෙන්න  ඕන නිසා මේ වාර්තාව කල් දැම්මා කියලයි. ඒත් මේ දේවල් කලින් මේ විදිහට යහපත්ව වෙන්නේ  ඇයි කියලා කල්පනා කරලා බැලූවාම පේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයට ඇමරිකාව බලපෑම් කිරීම හේතුවෙලා තියෙන විත්තිය. අලූත් ආණ්ඩුව ඇමරිකාව එක්ක  තියෙන් හොද හිත මේ දේට බලපාපු බව හොදටම පේන්න තියෙනවා.
මොනවා වුනත් ඇමරිකාව එක්ක හොද හිත වර්ධනය කරගැනීමෙන් අපිට  මානව හිමිකම් කවුන්සිලයේ දී  ලැබෙන සහනය විතරක් නෙමෙයි අපේ අපනයන වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගන්න රටවෙන ඇමරිකාව තුල අපේ නිෂ්පාදන වලට හොද වෙළෙදපොලක් ලැබෙන එක පිටට පෙනෙන්නේ නැති ලොකුම වාසියක් කියලා කියන්න පුළුවන්.
මේ දේවල් එක්ක මේ වෙනකොට අපි එක රටකට යටත් නොවී රටවල් ගොඩකට යටත් වෙලා ඉන්නවා කියලා  කියන්නත් පුළුවන්. ඒ එක්කම අපි කාටවත් බර නැතිව මේවෙනකොට කටයුතු කරනවා කියලා කියන්නත් පුළුවන්. මෙහිදී අපිට දකුණු අපි‍්‍රකාවත් එක්ක තේ අපනයනට අදාලව ගිවිසුමක්ද පහුගිය සතියේදී අත්සන් කළා මේක අපේ තේ අපනයන කරුවන් දකුණු අපි‍්‍රකාවට තේ අපනයන කරණකොට මූන දෙන්න වුන බදු ගෙවීම අඩුකිරීම නිසා වඩා අඩුමිලට දකුණූ අපි‍්‍රකාවේ අපේ තේ විකුණන් අවස්තාව ලැබෙනවා .
මේ ගිවිසුම් මොනවා හිතවත්කම් මොනවා තිබුනත්  ලබන සැප්තැම්බර් මාසය වෙනකම් විතරයි කාටත්  ද`ගලන්න අවස්තාව ලැබෙන්නේ. ඒ වෙනකොට අභ්‍යන්තර පරීක්ෂණය පටන්ගෙන නොතිබ්බොත් කොටි ඩයස්පොරාවේ සද්දෙට මානව හමිකම් කවුන්සිලයටත් ඔළුව පාත්කරන්න වෙනවා වෙනවාමයි ඒ හින්දා යහ පාලන ආණුඩුවටත් හැමදාම ඇමරිකාව උදව් කරයි කියලා හිතන්න බැහැ මොකද අපි දකිනවාට වාඩා සංවිධානත්මකව කටයුතු කරන්න කොටි ඩයස්පෝරාවට පුළුවන් කමක් තියෙන හින්දාම ඇමරිකාවටත් ඩයස්පෝරාවට අවනත වෙන්න සිද්ධවෙනවා. දේශපාලනයේ සදාතන මිතුරන් නොමැති වග මේ ආණ්ඩුව අමතක කලොත් කලින් තැනටම රට යන එක නවත්වන්න කොයි ජගතටවත් පුළුවන් වෙන්නේ නැහැ.

Comments