කටු කම්බියෙන් වෙන් කළ අපි නොදන්න දඹදිව...
භාරතය සමග නිරන්තරයෙන් එකට බැදී පවතින බෞද්ධ ශිෂ්ඨාචාරය තුල මෙරට බහුතරයක් දෙනාට නුහුර නුපුරුදු එහෙත් ඉතා ඉහල සංස්කෘතිකමය සහ ෙඓතිහාසික වටිනාකම් ඇති තවත් එක් ශිෂ්ඨාචාරයක් ලෙස ගාන්ධාර ශිෂ්ඨාචාරය නම්කළ හැක.
ඉස්ලාමාබාද් නුවර සිට කිලෝමීටර් තිස්පහක් ගිය විට මෙම මනරම් ශිෂ්ඨාචාරයේ නටබුන් අදටත් දැක ගතහැකිවේ. මෙම ප්රදේශය බැලූ බැල්මට කෞතුකාගරයක ස්වරූපය ගන්නා අතර අතීතයේ මෙම ප‍්‍රදේශය තක්ෂිලා නුවර නමින් හුදුනවනු ලැබීය.
කිලෝ මීටර් තිහකට අධික ප්‍රදේශයක් පුරා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන පනහකට අධික සංඛාවක් දැකගැනීමට හැකි අතර ඇතැම් නිර්මාන කිුස්තු පූර්ව හය වැනි සිවසේ ඈත අතීතයක නිර්මානය කර ඇති නිර්මාන බවට එ් පිළිබද පර්යේෂණ සිදු කළ පුරාවිද්‍යාඥයින් සදහන් කරයි. එ් අතරින් ධර්මරාජික ස්ටූපය හා අසපුව (ක්‍රිස්තු .පූ 300 - 200), සිර්කාෆ් නගරය (ක්‍රිස්තු වර්ෂ 200 -600) , ජාන්ඩියාල් දෙවාලයබිහාර් කඳු (ක්‍රිස්තු පූ (600-200),ජීලියන් අසපුව මෙම භුමිය තුල වඩාත් වැදගත් ස්ථාන වේ.
එමෙන්ම ගන්ධාර මූර්තියට එංගලන්ත, ප්රංශය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, චීනය, ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය මෙන්ම ලොව ප්රකටම කෞතුකාගාරවල ප්‍රමුඛ ස්ථානයක් දැනටමත් හිමි වි තිබෙ. දැවැන්ත කලාව සහ ගෘහ නිර්මාණ ශිල්ප රැුසක් සමගින් පකිස්ථානය තුළ බුදු දහම අදටත් ඉතිරි වි ඇති බව තක්ෂිලා නුවර සාක්ෂි දරයි.
ගාන්දාර කළා නිර්මාණ |
ගාන්දාර කළා නිර්මාණ |
ගාන්දාර කළා නිර්මාණ |
ගාන්දාර කළා නිර්මාණ |
පාකිස්ථාකයේ ගන්ධාර කලාපයේ තුල අත්කම් හා කලා උරුම රැුසක් ඉතා සුරක්ෂිතව පවතී. තක්ෂිලාවේ සංචාරයක නිරතවන ඔබ ජීවමන බුදුරජාණන් වහාන්සේ හමුවූවා වැනි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන් බව තක්ෂිලාව සහ ගන්ධාර කළා නිර්මාණ පිළිබද පර්යේෂණ සිදුකළ පර්යේෂකයන් සදහන් කරයි. එහි දී බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම රාශියක් පිළිබද අත්දැකිමි ලබාගැනීමට හැකියාව ඔබට හිමි වෙයි.
මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර්, මහා අධිරාජ්‍ය අශෝක රජු, කණිෂ්ක රජු යන්නවුන්ගේ අතින් නිකුත්වුනු සෙල්ලිපි තක්ෂිලා නගරය පුරා දැක ගැනීමට හැකියාව ලැබේ.
කෙස් වුවද ලෝකයේ අවධානය අවම වශයෙන් යොමුවී තිබෙන තක්ෂිලාව සහ ගන්ධාර ශිෂ්ඨාචාරය ලොව බිහි වු සාරවත් ශිෂ්ඨාචාරයක් ලෙස නම් කල හැක. නමුත් තක්ෂිලා ශිෂ්ටාචාරය 327 කිුස්තු .පූ වසරේදී ඉතා බලවත් අධිරාජ්‍ය ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමනයට ලක්වන අතර පසුව එම ශිෂ්ටාචාරය මෞර රාජ වංශය යටතේ පාලනය වෙමින් මහා අශෝක රජතුමා විසින් විශාල සංවර්ධනය ලක් විය.
ඉන්පසුව තක්ෂිලාව මහ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ රණශූරයන් වන ඉන්දු- ග‍්‍රීක් කණ්ඩායම වල පාලනය නතුවන අතර ගන්ධාර ශිෂ්ඨාචාරයේ සාරවත්ම අවධිය උදාවන්නෙ ක‍්‍රි.ව 50 දී පමණ මහ කුෂාන් රාජවංශයේ ආගමනයත් සමගය. ඉන් අනතුරුව ඉදිරි වසර 200 ක් තුළ තක්ෂිලාව වෙත චීනය හා ගීුසියේ සිට පැමිනෙණ විද්වතුන් සහ බැතිමතුන් ඉගෙනුම් ලබන ආකර්ෂණිය හ කීර්තිමත් මධ්‍යස්ථානයක් බවට පත් විය. තක්ෂිලා ගවේෂණය කිරිම ඉතා අපූරු අත්දැකීමක් ලබාදේ. එහි කීර්තිමත් ගන්ධාර මූර්ති, වත්පොහොසත්කම් සහ විවිධත්වය විසින් ඔබව අමන්දානන්දයට පත්කරීමට සමත්වේ. තක්ෂිලා භමිය තුල නිමක් නොමැති බුද්ධ රූප සහ බුදුරජාණන් වහාන්සේගේ ජීවිතයේ සියලූ වැදගත් කොටසක්ම නිරූපණය කෙරෙන විවිධ බුදු පිලිමි ඔබට දැකිය හැකි අතර එයින් ලැබෙන්නාවු මානසික සුවය වචනයෙන් විස්තර කළ නොහැකිය.
ධර්මාරාජික ස්තූපය |
එහි තිබෙන සියලූ ප්‍රතිමා වල ගීුසියේ-රෝමානු හා කලා නිර්මාණ අතර සමානකම් දැක ගැනීමට හැකියාව උදාවේ.තක්ෂිලා භුමියේ ඔබට ආචාර කරන ගන්ධාර පිරිමි හා කාන්තා මූර්ති එවක සාමජය පසුබිම් නිරූපණය කරන බවට පරයේෂකයන් සදහන් කරයි.
ගන්ධාර ශිෂ්ඨාචාරය සමග බිහාර් කඳු වැටිය සිර්කාෆ් හා සිර්සුක් නගර එකට බැදී පවතී මෙහිදී බිහාර් කදු ක‍්‍රි.ව හයවන සියවස දක්වා ඈතට දිවයන අතර එහි අවිධිමත් වීදි, පටු නිවාස මධ්‍යම මට්ටමේ සිට රජයේ ගොඩනැගිලි එහි ප‍්‍රාථමික භාවය පෙන්නුමි කරයි.
කෙසේවෙතත් සිර්සුක් තරමක් නවීන නගරයක් ලෙස සදහක් කළ හැක, පළමු ශත වර්ෂයේ කුශාන් රජවරුන් විසින් ඉදිකළ මෙම නගරය තවමත් සමිපුර්ණයෙන්ම ඉවර නොකලත් උපනගරයක් ලෙස සම්පූර්ණ කර තිබේ. මෙම ප‍්‍රධාන නගර තුනට අමතරව බොහෝ වැදගත් ආශ‍්රම, ස්ථූප හා ස්ථානවල් රැසක් තක්ෂිලා නිම්නයේ ඉදි කර තිබේ. ඔබට එහි සියලූදේම බලන්නට නොහැකි නම්, අවම වශයෙන් කිලෝමීටර් තුනක නැගෙනහිර තක්ෂිලා කෞතුකාගාරයේ දී පිහිටා තිබෙන අපූර්ව ධර්මරාජික ස්ථූපය ගවේෂණය කළ යුතුය. එය ප‍්‍රධාන ගොඩනැගිල්ල සමග සමන්විත වන අතර භික්ෂූන් වහන්සේලාගේ ආශ‍්‍රමයක් පිහිටා ඇත.
බුදුරජාණන් වහාන්සේගේ සර්වඥ ධාතූන් හා රිදී අනුචලන ධාතුන් මෙහි තිබේ. රන් හා රිදී කාසි, මැණික්,ස්වර්ණාභරණ සහ අනෙකුත් පුරාවස්තු රාශියක් ධර්මරාජික ආශ‍්‍රමයයේ දී සොයා ගනිමට හැකි වෙ. එම සියලූ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තක්ෂිලා කෞතුකාගාරයත් පිහිටා ඇත.
එසේම ජිලියන් යන තවත් ආකර්ෂණීය සංකීර්ණය ක් වේ. ස්ථූප සහ රැුස්වීම් ශාලාව, ගබඩා, දාන ශාලාවක්, නාන තටාක සහ මුළුතැන්ගෙයක් එහි ස්ටාපිත කර ඇත. කුඩා ස්තූපයන් පහක් සමග බුදුරජාණන් වහාන්සේගේ ධාතුන් අලි ඇතුන් හා සිංහයන්ගේ සමග අලංකාර කර ඇත. ජිලියන් සිට සැතපුම් දෙකක් ගමන් කරමින් මොහරා මොරදු ආරම දකින්නට ලැබේ. ජාන්ඩියල් සිර්සුක් සිට කිලොමීටර් දෙකක් පිහිටා ඇති අතර එහි ග‍්‍රීක් ශෛලිය අනුගමන කර ඇති බව දක්නට ලැබේ. ධර්මරාජික ස්ථූපයේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් ගිරි ග්ලෙන් පිහිටා තිබේ. තක්ෂිලා භුමියේ වැදගත්කම දැනෙගැනීමට නම් ඔබ එහි පැමිණිය යුතුයි.
තොරතරැ සැපයීම මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය
නුවන් සේනාරත්න
Comments
Post a Comment