කාලයේ වැලි තලාවෙන් වැසී යන මුහුදු මහා විහාරය...


සුන්දර ආරුගම්බේ වෙරළ දෙස් විදෙස් සියල්ලන්ගේම ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවකි. මෙරට ඇති ඉතාම සුන්දර වෙරළ තීරයක් වන මෙම වෙරළ තීරය වැදගත් වන්නේ එහි ඇති සංචාරක ආකර්ෂණයට පමණක්ම නොවෙයි. එ් එම වෙරළ තීරය පුරා විහිදී ඇති ඓතිහාසික වටිනාක නිසාවෙනි.
එම ඓතිහාසික වටිනාක සොයන්නෙකුට හමුවන විශේෂ ස්ථානයක් ලෙස පොතුවිල් මුහුදු මහා විහාරය නම් කළ හැක.  කි‍්‍රස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම විහාරය පිළිබඳ මහා වංශයේ සදහන් වන්නේ රුහුණේ ලංකා විහාරය ලෙසයි.  
කාවන්තිස්ස රජ දවස මෙම ප‍්‍රදේශය මාගම රාජධානිය ලෙස හුදුන්වා ඇත. කැලණිතිස්ස රජ දවස කැලණියට බල පෑ මුහුදු ගොඩ ගැලීමෙන් රට බේරා ගැනීමට මහ මුහුදට බිලි වූ විහාර මහා දේවී කුමරිය රැුගත් රත‍්‍රරන් නෞකාව පාවී පැමිණ ඇත්තේද පොතුවිල් මුහුදු තීරයටය.
මේ බව සැලවූ කාවන්තිස්ස රජු විහාර මහා දේවී කුමරිය සොයා පැමිණ තිබේ. එහිදී ‘කෝ කුමරිය’ ලෙසට විමසූ ස්ථානය කෝමාරිය ලෙසත් රාජ  පුරුෂයන් කුමරිය ගොඩබිමට පැමිණි ප‍්‍රදේශ පෙන්වමින්  අර ගමේ ලෙසට පැවසු ස්ථානය ආරුගම්බේ ලෙසට හැදින්වූ බවට ඉතිහාසයේ සදහන් වේ.
   විහාර මහා දේවියව කාවන්තිස්ස රජු විසින් ඉතා ගෞරවයෙන් පිළිගෙන ඇත. ඉන් අනතුරුව විහාර මහා දේවිය  සදුන් පැන් කළ හතකින් නහවා තිබේ. පසුව විහාර මහා දේවිය පැළඳ සිටි සියලූ ආභරණ  මුහුදු මහා විහාරයේ තැන්පත් කළ බවට පුරාවෘතවල සදහන්ය. මෙම ආභරණ තැන්පතර ඇති බවට විශ්වාස කරණ ස්ථානයේ නටබුන් අදටත් දැක ගත හැක. එම ස්ථානය පසු කලෙක සීමා මාලකයක් ලෙසට භාවිතා කර ඇති බට සලකුණු පවතී. එහෙත් අද වන විට එම ස්ථානයේ ජනතාව සිය ප‍්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට පඬුරු ගැට ගසන බැවින්  ප‍්‍රාර්ථනා ගල් ලෙස මෙම ස්ථානය හදුන්වනු ලබයි.
මහා වංශයේ සදහන් වන ආකාරයට මහා නාග රජු විසින් කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය සිහි වීම පිණිස මෙම විහාරය ඉදිකර තිබේ.  කෙසේ වෙතත් විහාර මහා දේවිය මෙම ස්ථානයට පැමිණෙන අවස්තාව වන විටත් මෙහි විහාරයක් පැවතුනු බවටද මතයක් පවතී.
මුහුදු මහා විහාරය එසේත් නැත්නම් රුහුණේ ලංකා විහාර වටා අපූරු සිදුවීම් රාශීයක් ඇත. මෙහිදී විහාරයට අයත් ඉපැරණි චෛත්‍යරාජයාගේ නටබුන් හමුවූ ආකාරය විශේෂිතයි. මුහුදු මහා විහාරයට කලක පටන් විශාල පාඩුවක්ව පැවති චෛත්‍ය ඉදිකිරීමට විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් 2010 වසරේ ඔක්තොම්බර් මස 27 වැනිදාට යෙදී තිබූ සුබ මොහොතින් මුල් ගල් තැබීමට නියමිතව තිබිනි. ඊට පෙර දින වූ පසොලොස්වක පොහොය බිම් සැකසීමේදී නොසිතූ ලෙසින් පැරණි ගල් කණු හයක් මතුවී තිබේ.

විහාර මහා දේවිය සිය රන් ආභරණ ගලවා දමා හදුන් කළ සතකින් ස්නානය කළ බවට සැළකෙන  ස්ථානය
මේ අතර 2004 වසරේ ශී‍්‍ර ලංකාවට බලපෑ සුනාමි ව්‍යවසනයේදී මුහුදු මට්ටම පහල බැසීමත් සමග විහාරයට නැගෙනහිරට වන්නට වූ මුහුදු ප‍්‍රදේශයෙන් බුද්ධ ප‍්‍රතිමාවක් සහ වෛත්‍යක්ද මතුවී තිබේ. මේ අනුව එවකට මුහුදු මහා විහාරය සුවිශාල භූමි භාගයක පිහිටි විහාර සංකීර්ණයක් බවට සාක්ෂි දරයි.
එසේම මුහුදු මහා විහාරයට පැමිණෙ  ඕනෑම අයෙකුට දැක ගත හැකි පැරණි විහාරගෙයද විශේෂිතය. එහි බුදුරුවක් සහ තවත් ප‍්‍රතිමා දෙකක් දෙකක් දැක ගත හැක. මෙම ප‍්‍රතිමාවන් චන්ද්‍රකාන්ත පාෂානයෙන්  නිමවා ඇති අතර චන්ද්‍ර ලොකයට එම ප‍්‍රතිමාවන් දිලිසේන අයුරින් නිමවා ඇත.  මේ ප‍්‍රතිමා සම්බන්ධයෙන් ප‍්‍රකට මත දෙකක් පතී ඉන් එක් මතයක් නම් මහා නාග රජු විසින් මුහුදු මහා විහාරය ගොඩනගන විට බුදුරජානන් වහන්සේට වැදුම් කරන කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය නිරූපනය වන අයුරුන් එම විහාර ගෙය නිර්මාණය කර ඇත යන්නයි. අනෙක් මතය වන්නේ බුදුරජානන් වහන්සේට වැදුම් කරනු ලබන සේ නිර්මාණය කර ඇති ප‍්‍රතිමා බෝධිසත් පිලිම ලෙසටයි. එසේම අවලොකේතීෂ්වර මහායාන සම්ප‍්‍රදායට අනුව මෙම පිලිම නිර්මාණය කර ඇති බවට පුරා විදාඥයින් සදහන් කරයි.
මෙම විහාර ගෙයට පසෙකින් වන්න තවත් පැරණි ඉදිකිරීමක පාදම සහ ගල් කණු කිහිපයක් වේ. එහි සංඝා වාසයක ලක්ෂණ පෙන්නුම් කරන අතර එවකට මෙම විහාරයේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බවට මෙය සාක්ෂි දරයි.
මහා පිං බිමක්ව පැවති මුහුදු මහා විහාරය පසුකාලීනව ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පැවේය. අක්කර 264 ක විහාර භූමිය 1965 දී නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අක්කර 30 සීමා කෙරිනි. මේත් සමග මුස්ලීම් ජාතික අනවසර පදිංචි කරුවන් විසින් විහාරයට අයත් භූමිය ආක‍්‍රමණය කිරීම ආරම්භ වේ. එ් අනුව අද වන විට විහාරයට ඉතිරිවී ඇත්තේ අක්කර තුනකටත් වඩා අඩු භූමි ප‍්‍රමාණයකි.
විහාරාධිපති වරකාපොල ඉන්ද‍්‍රසිරි හිමිය
මේවන විට මේ භූමියද එම පිරිස විසින් අත්තපත් කරගනිමින් සිටින අතර එමගින් විහාරය මුහුණ දී ඇති අවසනාවන්ත තත්ත්වය එහි යන  ඕනෑම අයකෙුට සියැසින් දැක ගත හැක. මෙම ආක‍්‍රමණයට එරෙහිව අභීතව නැගී සිටි අපවත් වී වදාල කතරගම සීලරතන හිමි වරෙක මෙම පිරසගේ පහරදීමකට පවා ලක්වී තිබේ.
සීලරතන හිමියන්ගේ 2010 වර්ෂයේදී සිදුවන අපවත් විමෙන් පසුව වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ මුහුදු මහා විහාරයේ විහාරාධිපති බවට පත්විය.
මෙම විහාරයේ ඇති ඓතිහාසික වටිනා කම හේතුවෙන් දිවයිනේ නන්දෙසින් බැතිමතුන් මෙම විහාරය වැදපුදා ගැනීමට පැමිණෙයි. මේ ලෙසම කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ‍්‍රාමික ගුරු බවතුන් වන ජී. එල් ආරියපාල ගුරුමහතා ප‍්‍රමුඛ ගුරුවරුන් පිරිසක්ද විහාරය වැදපුදා ගැනීමට පසුගිය වසරේ විහාරයට පැමිණෙන අතර එහිදී  ඔවුන් හට දැක ගැනීමට හැකිවන්නේ විහාරස්ථානය සතුව නිසි විශ‍්‍රාම සාලාවක් නොමැති බවයි.
මේ සම්බන්ධයේ වැඩි දුර කරුණු විමසන එම ගුරු බවතුන්ට විහාරාධිපති හිමියන්  මෙම මුහුදු මහා විහාරය ආරක්ෂා කරගැනීමට දරන්නාවු කැපවීම දායකත්ව සැපයීමට අවස්තාව උදාවේ. ඉන් අනතුරව ජී. ඒල් ආරියාපාල ගුරුුතුමා සහ සිය සහෝදර ගුරුවරුන් විහාරයට නව දෙමහල් විශ‍්‍රාම ශාලාවක් ඉදිකරදීමට මෙම තීරණය කරනු ලබයි.
මෙම නව විශ‍්‍රාම ශාලව සියලූම පහුසකම් වලින් සමන්විතව විශ‍්‍රාම ශාලාව ඉදිකිරීමට රුපියල් ලක්ෂ හැටකට ආධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තු වේ. මෙම මුදල සපයා ගැනීමට විහාරය අවට වෙසෙන ඉතා සීමිත බෞද්ධයින් හට අපහසු කර්යක් වේ. ඒ බැවින් මෙම මුදල සොය දීමටද මෙම ගුරුවරුන පිරිස ඉදිරපත්වේ.
මෙරට ඉතිහාසය පුරාම සිදුවූවා සේ ආනන්ද පුතුන් මෙම කර්තව්‍යට පෙරමුණ ගන්නා අතර එහි එක් පියවරයක් ලෙස විශේෂ අරමුදලක්ද පිහිටුවනු ලබයි.
එසේම විහාරයට ආධාර එකතු කිරීමටත් ඒ සදහා දායකවන්නන්ගේ පහසුව තකා විශේෂ ෆේස් බුක් ගිණුමක්ද නිර්මාණය වන්නේ මේ අතර තුර කාලයේදීය. මෙලෙස මාස කිහිපයක් ගත වන තැන්හි විශ‍්‍රාම ශාලාව ඉදිකිරීමට අවශ්‍ය අරමුදල්ද කෙමින් කෙමින් එක් වෙමින් තිබිණි.
මේවන විට මේ පුණ්‍යක් කි‍්‍රයාව සදහා අනන්ද විද්‍යාලයේ විශ‍්‍රාමික ගුරුවරුන් වන ජී. එල්. ආරියපාල, නෙල්සන් විජේසේන, ආරිය වංශ මුතුගම, පේ‍්‍රමදාස ජයසිංහ, මහන්දපාල සිල්වා යන පස්දෙනා එකවී හමාරය. එසේම මෙම පස්දෙනාට අමතරව ඩබ්ලිව්. ඒ.වීරසිංහ, ව්‍යාපාරික නිමල් හේරත්, සුමිත‍්‍රා සමුහ ව්‍යාපාරයේ ජානක ගුණසේකර යන මහත්වරුන්ද මෙම පිංකමට එක් වන්නේ ඉතා බැතිබර සිතිනි.

මෙලෙස රැුස් කර ගත් මුදල් වලින් ඉදිකිරන නව විශ‍්‍රාම ශාලවේ මුල් ගල් තැබීම ඉකුත් 05 වැනිදා අධිකරණ සහ බෞද්ධ කටයුතු පිලිබද නියෝජය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල සහ මහවැලි සහ පරිසර නියෝජ්‍ය අමා්‍යත්‍ය අනුරාධ ජයාරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

වසරක කාලයක් තුල ඉදිකර අවසන් කිරීමට නියමිත මෙම නව විශ‍්‍රාම ශාලාව ඉදිකාරීමේ කටයුතුවලට ශී‍්‍ර ලංකා යුධ හුමදාවේ නොමසුරු දායකත්වයත් විශ‍්‍රාමික යුද හමුදා බිගේඩියර් පී.එච්. එන් සිරිසාන්ත මහතාගේ උදෙස් මත සිදුවෙයි.
ස්භාවික ආපදාවලින් අන්‍යාගමික බලපෑම්වලට ද අන්‍යාගමික බලපෑම්වලින්ද රැුකගත් මුහුදු මහා විහාරය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමට සකල ලොකවාසී බෞද්ධයන්ගේම වගකීමකි. එසේ නොමැතිනම් මතු පරුපුරට මුහුදු මහා විහාරයක් නොව වැලිතාලවට යටවූ පෙෘඩ ඉතිහාසයක්ම පමණක් වනු ඇත.
සටහන සහ ඡුායාරූප
නුවන් සේනාරත්න



Comments