ඕං ඔහොමයි වුණේ



පුටින් මහත්තයා කියනවා ත‍්‍රස්තවාදීන්ට සාමාව දීම දීම දෙවියන්ට භාර කාර්යයක් එයාලව දෙවියන් ගාවට යවන එක එතුමාගේ කාර්යයක් කියලා. හැබැයි ඊයේ (18) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරදහන්වූවන් පිළිබද කි‍්‍රයාකාරී කණ්ඩායම කියාසිටියේ ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත වහාම ඉවත් කරන්න  ඕනේ කියලයි. එ් වගේම පෙරේදා (17) යුරෝපා සංගමය කිව්වෙත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කළයුතුයි කියලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරදහන්වූවන් පිළිබද කි‍්‍රයාකාරී කණ්ඩායම ඊයේ (18) මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවතුනු මාධය හමුවේදී කිසිම අවස්තාව එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් අපේම දෙමළ සහෝදර සහොදරියන් පැහැර ගත්තා බලහත්කාරයෙන් යුද කටයුතු වල යෙදෙව්වා කියලා කිව්වේ නැහැ.

කොටි සංවිධානය පැහැර ගැනීම කර තිබෙනවාද කියලා විදේශ මාධ්‍යවේදීන් අහපු ප‍්‍රශ්න වලට එයාලා කිව්වේ ශී‍්‍ර ලංකා රජයට පරිභාහිර කට්ටිය පැහැර ගැනීම කරලා තියෙනවා කියලා එයාලා සැක කරනවා කියලා විතරයි.

එ් වගේම මෙයාලා කියන විදිහට අනිවාර්යෙන්ම මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවා තී‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ කොටි සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කළ එකට දඬුවම් දිය යුතුයි. අනික මෙයලා කියනව විදහට ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබුණ සිරමැදිරි සුවපහසු නොවීම නිසා එ්වා ජාත්‍යන්තර නීතියට පටහැනි කියලත් එයාලා හිතවනවාලූ.

හැබැයි එතනදී අපේ හමුදාවේ අය කොටි සැකකරුවන්ට කොයිම වෙලාවකවත් වද දුන්නා කියලා ඔප්පු කරන්න සාධක හමුවනොවුන බවත් මේ අය කියනවා. එ්වගේම අපේ හමුදාවේ අය මේ සැකකරුවන්ට එයාලගේ ගෙදර අයට කෝල් ගන්නත් දුන්නලූ.

Comments