නැගෙනහිර සරසවිය අවරගිරට යන්නට දෙන්න එපා
අධ්යාපනය ලැබිමේ අයිතිය මානවයාට හිමිවී ඇති සුවිශේෂි වරප්රසාදයකි. එහෙත් විවිධ උපක්රම වෙනුවෙන් එම අයිතිය පාවිච්චි කරන්නේ නම් ඉන් නිසි ප්රතිඵල ලැබිය නොහැකිය. අධ්යාපනයෙන් ඇති කළ හැකි ආධ්යාත්මික සංවර්ධනයද අතිමහත්ය. ඒත් ආගමේ නාමයෙන් ඊට ශිෂ්යයින් බලහත්කාරයෙන් යොමු කළ නොහැකිය. අධ්යාපනය සඳහා නිදහස් නිවහල් පරිසරයක් අවැසිය. දුෂ්කර වූ අධ්යාපනය මතින් සාර්ථක පුරවැසියකු බිහි කළ හැක්කේ එවිටය. කර්කශ රළු මාවතක දෙපා නගන විද්යාර්ථීන්ගේ එම මාවත එළිපෙහෙළි කිරීම බලධාරීන්ගේ යුතුකම සහ වගකීමයි. එහෙත් තෘප්ත කිරීමට රටේ කොඳු නාරටිය වන් විශ්ව විද්යාල සිසු සිසුවියන් යොදා ගැනීම නිසා එම විද්යාර්ථීන්ට මෙන්ම රටටද සිදුවන්නේ අනර්ථයකි. දැනට යම් පමණට හෝ තාවකාලිකව විසඳුම් අග්නිදිග විශ්වවිද්යාලයේ ස්ථාපිත කොට තිබෙන ඉංජිනේරු පීඨයටද පසු ගිය කාලයක් තිස්සේ අත්වී ඇත්තේ එවැනි ඉරණමකි.
අග්නිදිග
විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් විසින් ගැටලු රැසකට විසඳුම් ඉල්ලා කාලයක් තිස්සේ මැසිවිලි නැගූහ. ආණ්ඩු 3ක ඇමැතිවරුන් 4 දෙනෙකු සමග ඒ වෙනුවෙන් සාකච්ඡා කළ බව එම සිසුහු අවධාරණය කර සිටියහ.
ඔවුහු
පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට සාකච්ඡා වාර 15ක් පමණ බලධාරීන් සමග පැවැත්වූහ. එමෙන්ම දින 44ක් තිස්සේ පන්ති වර්ජනය කළහ. ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්යාවන් දේශනවලට සහභාගි නොවීමෙන් එම අධ්යයන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතර විය.
ඉංජිනේරු
පීඨයේ ශිෂ්‍ය ශිෂ්යාවන් අද වන විට පන්ති වර්ජනයක් අත්හැර දමා ඇත. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ විසඳුම් ලැබුණේ නැත. ඒ වෙනුවට බලධාරීන් ඉදිරිපත් කළ තාවකාලික විසඳුම්වලින් සෑහීමකට පත්වීමට ශිෂ්‍ය පිරිසට සිදුවිය. බලධාරීන් කෙරෙහි විශ්වාසය තබා පන්ති වර්ජනය ඇතුළු උද්ඝෝෂණ නතර කළත් ඉංජිනේරු පීඨයකට සුදුසු මානව හා භෞතික සම්පත් ලැබෙන තුරු අරගලය අත්නොහරින බව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය එකමුතුව දැඩිව අවධාරණය කර සිටියහ. අග්නිදිග විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවේ. ශිෂ්‍ය කණ්ඩායම් එම විශ්වවිද්යාලයට ඇතුළත් කොට ගනු ලැබුවේ ද තවත් ගැටලුවක් සඳහා විසඳුම් ලබාදීම සඳහාය. 2011 වසරේ අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්යාවන්ගේ ඛ ලකුණු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උදාවිය. එම ගැටලුවට විසඳුම් ලෙස ශ්රේෂ්ඨාධිකරණ නියෝගයෙන් අමතර ශිෂ්‍ය පිරිසක් බඳවා ගැනීමට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට සිදුවිය.
ඒ
වන විට ඉංජිනේරු පීඨ පැවැතියේ පේරාදෙණිය, රුහුණු සහ මොරටුව විශ්ව විද්යාල 3 සඳහා පමණි. එහෙත් අතිරික්ත සිසු සිසුවියන් 200ක් බඳවා ගැනීමට එම විශ්ව විද්යාල අකමැති වූහ. එම නිසා නව ඉංජිනේරු පීඨයක් ආරම්භ කිරීමේ අදහස ඉස්මතු විය. එහි ප්රතිඵලයක් ලෙස අග්නිදිග විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ විය.
එම
පීඨය ආරම්භ වූවද ඉංජිනේරු පීඨය සඳහා ගොඩනැගිල්ලක් හෝ තිබුණේ නැත. කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ගොඩනැගිල්ලක් යොදා ගනිමින් අග්නිදිග විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ කරනු ලැබූහ.
ඉංජිනේරු
පීඨයක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු පරිසරයක් සකස් නොකළද නැගෙනහිර
පළාතේ දේශපාලකයින්ගේ ඉල්ලීම නිසාත් මැද පෙරදිග රටවලින් ඊට මුදල් ලැබෙන නිසාත් එම ඉංජිනේරු පීඨය ආරම්භ කෙරිණි. එය 2013 පෙබරවාරි 5 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේය.
ඒ
අනුව ඉංජිනේරු පීඨය සඳහා 2011 වසරේ උසස් පෙළ ලියූ සිසු සිසුවියෝ 92දෙනෙක්ද, 2012 සිසු සිසුවියෝ 99 දෙනෙක්ද, 2013 සිසු සිසුවියෝ 99 දෙනෙක්ද, 2013 සිසු සිසුවියෝ 99 දෙනෙක්ද, බඳවාගනු ලැබූහ. 2013 මැයි මාසයේදී පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගන්නා ලදී.
ඔවුන්
එසේ බඳවා යනු ලැබුවද ඔවුන්ට ඉගැන්වීම් සඳහා ප්රමාණවත් ලෙස ආචාර්යවරු නොමැති වූහ. ප්රායෝගික පුහුණුව සඳහා උපදේශකවරු ද ප්රමාණවත් ලෙස නොසිටියහ. මේ තත්ත්වය මත වසරේ සිසු සිසුවියන්ගේ ප්රායෝගික පරික්ෂණ අතපසු වූහ. දේශනද සෙසු විශ්ව විද්යාලවල මට්ටමට
සිදුනොවූහ. එවැනි පසුබිමක් තුළ ශිෂ්‍ය ශිෂ්යාවන්ට තවදුරටත් අධ්යාපන කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට නොහැකි වූහ.
මේ
ඉංජිනේරු පීඨයේ වැඩි වශයෙන් ඉගෙන ගන්නේ සිංහල සිසු සිසුවියන්ය. ඔවුන්ට අධ්යාපන කටයුතු සිදුකරගෙන යාමේ පරිසරය දිගින් දිගටම අහිමි වෙමින් තිබුණි. ඇතැම් සිසුවියන්ට ඇසෙන්නට නොසරුප් වචන පවසන්නෝද වූහ. සමහරු මුහුණ වසා නොසිටී සිසුවියන් දකින කළ එය පිළිකෙව් ලෙස සලකන්නටද වූහ. කැන්ටිමේ ආහාර වේලක් සෙසු විශ්ව
විද්යාලවලට සාපේක්ෂව මිල අධික විය. ශිෂ්යයින්ට තම දීමනාවලින් ජීවත්වීමට අපහසු තත්ත්වයක් ඇති වූහ.
ඉස්ලාම්
නොවන සිසු සිසුවියන් මෙහි අධ්යාපන කටයුතු කරගෙන ගියේ මෙවැනි පරිසරයක් මධ්යයේය. පසුගිය 5 වැනිදා අග්නිදිග විශ්වවිද්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා හෝ උප කුලපති මහාචාර්ය එම්.එම්.එම්. නජීම් මහතා හෝ මේ කරුණු දැන සිටියේ නැත. අග්නි දිග විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි, යාන්ත්රික සහ සිවිල් ඉංජිනේරු පාඨමාලා 3 පමණක් ක්රියාත්මක වෙයි. පරිගණක ඉංජිනේරු අංශය එහි නොමැත. ඒ අනුව උපාධි පිරිනැමීම සිදුකරන්නේ පාඨමාලා තුනක් සඳහා පමණි.
ඉංජිනේරු
ශිෂ්‍ය ශිෂ්යාවන්ට ඇතැම් ප්රයෝගික පරීක්ෂණ සඳහා මෙන්ම වෙනත් ඉගෙනුම් කටයුතු සඳහාද පේරාදෙණිය විශ්වවිද්යාලයට යාමට සිදුවී ඇත. මෙය ශිෂ්යයින්ගේ කාලය කා දැමීමක් බව අමුතුවෙන් පැවැසිය යුතු නැත.
එමෙන්ම
මෙහි බරපතළම ප්රශ්නය ආචාර්යවරුන් නොමැතිකමයි. මහාචාර්යවරයකු එක් අංශයකටවත් නොමැත. ස්ථීර ආචාර්ය මණ්ඩලයක් නොමැතිවීමද තවත් ගැටලුවකි. ආචාර්යවරුන් මේ ප්රදේශයේ රැඳී නොසිටී නිසා ස්ථිර සේවයට ආචාර්යවරුන් එක්වීම මග හැරී ඇත. එහෙත් ඒ සඳහා මේ වන විට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසම විසින් අයැදුම් පත්‍ර කැඳවා ආචාර්යවරුන් බඳවා ගැනීමට උත්සාහ කරමින් තිබිම අගය කළ යුත්තකි. එමෙන්ම එක් ආචාර්යවරයකු සඳහා අමතරව රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අතිරේකව ගෙවීමේ පොරොන්දුව මත දැනටමත් පී.එච්.ඩී. උපාධි නැති ආචාර්යවරුන් කිහිපදෙනෙකු බඳවාගෙන ඇත. ඒත් ඒ ස්ථීර ආචාර්ය මණ්ඩලය ලෙස නොවීම ශිෂ්‍ය ශිෂ්යාවන් තුළ චකිතයක් මතු කිරීමට සමත්ව තිබේ.
අග්නිදිග
විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ උද්ගතවී ඇති ප්රශ්න සම්බන්ධයෙන් සොයාබැලී සම්බන්ධිකාරකවරයකු ලෙස පත්කරන ලද මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ උත්සාහය මත පසුගිය දෙසැම්බර් 7 වැනිදා සිට ආචාර්ය මණ්ඩලය ලබාදී ඇති බව නිවේදනය කරන ලදී. එහෙත් ශිෂ්‍ය පිරිස දේශනවලට සහභාගිවීමෙන් වැළකී සිටියහ. නැවත නැවත සිදුකරන ලද සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස ඔවුහු දේශන සඳහා සහභාගි වීම ජනවාරි 6 වැනිදා සිට ආරම්භ කළහ.
ඉංජිනේරු
පීඨයේ තත්ත්වය සොයා බැලීමට උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් මත මාධ්යවේදීන්ද පසුගිය 5 වැනිදා අවස්ථාවක් ලැබුණි. නවීන උපකරණ රැසක් ගෙන්වා ඇති බව එහිදී දක්නට ලැබුණි. අප එහි සිටින අතරතුරද එවැනි ඇතැම් උපකරණ ගෙන එනු ලැබිය. එහෙත් විද්යුත් අංශයට තිබෙන උපකරණ ප්රමාණවත් නොවන බව ශිෂ්යයින්ගේ ප්රධාන චෝදනාවක් වූහ. එමෙන්ම අවශ්‍ය උපදේශකවරුන් ද ප්රමාණවත් නොවන බව ද කියැවිණි.
විශ්වවිද්යාලයට ඇතුළු වන ස්ථානයේ සිටම ආගමික මුහුණුවරක් සහිත විශ්වවිද්යාලයක් බව හැඟී යයි. එහි පරිපාලන ගොඩනැගිල්ල ආගමික ගොඩනැගිල්ලක ආකෘතියක් අනුව නිර්මාණය කොට ඇත. ඉංජිනේරු පීඨය සඳහා අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලද එම ආගමික අනන්යතාව මොනවට පැහැදිලි කරමින් තිබුණි.
ඉංජිනේරු
පීඨය සඳහා රුපියල් මිලියන 5ක පමණ වියදමින් අලුතින් පොත් ලබාදීමට වසර 3ක් ගතවීමෙන් හෝ බලධාරීන් ක්රියාකිරීමද පැසසිය යුතු වූවක් ලෙස හැඟුණි. මෙහි පළමු උපාධිධාරී ඉංජිනේරුවන්ගේ කණ්ඩායම 2017 ජූනි මාසයේදී පිටත්වීමට නියමිතය. එහෙත් ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය (ජ්ඉඹ්) තවමත් මේ ඉංජිනේරු පීඨයට තත්ත්වය සහතිකයක් ලබා දී නොමැත. මෙහි ඉගැන්වීම් කටයුතු පරිසාධක මට්ටමක නොපැවැත්වීම ඊට හේතුවයි. එසේ තත්ත්ව සහතික නොදෙන්නේ නම් ඉංජිනේරු උපාධියට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. මේ ගැටලු ඉදිරි කාලයේදී විසඳාගත යුතුව පවතී. 2014දී උසස්
පෙළ විභාගයට ලියන ලද ශිෂ්‍ය කණ්ඩායම තවමත් බඳවාගෙන නොමැත. එසේ බඳවා ගැනීමට ඉඩක් නොමැති බව ශිෂ්‍ය පිරිසේ අදහසයි. දැනටමත් ආචාර්යවරුන් අවම වශයෙන් 26 දෙනකුවත් අවශ්යව ඇති. කාලයක එපමණ පිරිසක් නොමැති අවස්ථාවක තවත් සිසු කණ්ඩායමක් බඳවා ගැනීමෙන් ආචාර්ය මණ්ඩලය ප්රමාණවත් නොවන බව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය එකමුතුව සඳහන් කරයි.
අග්නිදිග
විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය වසා දැමීමට එම ප්රදේශයේ දේශපාලකයන් අකැමැති බව උසස් අධ්යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය දෙසැම්බර් 23 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ය. අධ්යාපනය පිළිබඳ තීරණ ගැනීම අධ්යාපන විශේෂඥයන්ගෙන් නැගෙනහිර දේශපාලනඥයන් ලබාගෙන ඇත්දැයි ඉංජිනේරු පීඨය ශිෂ්‍ය එකමුතුව ප්රශ්න කරමින් සිටිති.
අද
දවසේ තාවකාලික ලෙස සමනය වුවද මෙහි ශිෂ්‍ය ප්රජාව මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබිය යුතුව පවතී. එය ඉටුවන දැකීම ශිෂ්‍ය ප්රජාවේ මෙන්ම අධ්යාපනය ලැබිමේ නිදහස ගරුකරන සැම දෙනාගේ ප්රාර්ථනයයි
Comments
Post a Comment