මව්බිම වයි-ෆයි පාරාදීසයක් කරන ලාංකික අමෙරිකානුවා රට ගැන කට අරියි.......




තාක්ෂණ ලෝකයේ පළිහකටත් වඩා ප‍්‍රබල චරිතයක් වූ චමත් පළිහපිටිය ලොවම දන්නා හඳුනන කීර්තිමත්, දක්ෂ මෙන්ම ධනවත් ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු ෆේස්බුක් සමාගමේ හිටපු ප‍්‍රධානියකු ලෙස ඔහු ප‍්‍රසිද්ධියට පත්වූ නමුත් දැන් ඔහු අමෙරිකාවේ පිහිටි ලොව එකම තාක්ෂණික පුරවරය ලෙස සැළකෙන සිලිකන්වැලිහි තාක්ෂණ සමාගම් හිමිකරුවෙක්, ධනවත් ව්‍යවසායකයෙක්. ලූන් ව්‍යාපෘතිය හඳුන්වාදීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර සයිබර් යෞවනය ඔස්සේ ඔහු පිළිබඳ ලිපියක් පළකළා ඔබට මතක ඇති. දැනට අමෙරිකාවේ ජීවත්වන ඔහු පසුගිය කාලයේ වරින් වර ශ‍්‍රී ලංකාවට පැමිණියේ මෙරට තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීම සඳහායි. ලාංකිකයකු ලෙස ලාංකිකයන් තාක්ෂණයෙන් සන්නද්ධ කොට ලෝකයට හඳුන්වාදීමට වෙරදරන ඔහු පසුගියදා පළමුවරට තම මව්බිම පිළිබඳ ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූවා.
ලොවම ආවරණය වන පරිදි බැලූනයක් මගින් රැුහැන් රහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඇල්ෆබට් මව්සමාගමේ ගූග්ල් ආයතනය විසින් හඳුන්වා දුන් ලූන් බැලූන ව්‍යාපෘතිය වාණිජ වශයෙන් අත්හදාබලන ලොව පළමු රට වන ශ‍්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමේ පුරෝගාමියා වූ ලාංකික-අමෙරිකානුවකු වූ චමත් පළිහපිටිය රට ගැන කට ඇරියේ මෙලෙසයි.
”මම ශී‍්‍ර ලංකාවෙන් ඇමෙරිකාවට ගියේ මට අවුරුදු 7ක් තරම් කුඩා කාලයේදී. ඉන්පසුව මට ශ‍්‍රී ලංකාවට එන්න ලැබුණේ නෑ. නමුත් මම ලංකාවට මීට වසරකට පමණ ඉහතදී යලිත් පැමිණි අවස්ථාවේදී මේ රටේ ඇති වෙලා තියෙන වෙනස්කම් අත්විඳගන්න මට පුළුවන් වුණා. එ් වගේම මම මේ රට එක්ක තිබ්බ සම්බන්ධතාවය නතර වෙලයි තිබුණේ. එ්කට තිස් වසරක් මෙරට තුළ දරුණු ලෙස පැවැති යුද්ධයත් රට තුල පැවතුන අර්ථික හා සමාජීය රටාවනුත් බලපෑවා.
ඇත්තටම මම කියන්න කැමතී 1950 කාලයේදී ලෝකයේ ඇති වූ ආර්ථික වෙනස් කම් ගැන සදහනක් කරන්න. එ් කාලයේදී සිංගප්පූරුවයි ජැමෙයිකාවයි හිටියේ එක වගේ ආර්ථික මට්ටමකයි. හැබැයි එක රටක් එ් රටේ අවශතා හදුනාගෙන නිසි ලෙස ආයෝජනයන් කළා අනිත් රට එහෙම කළේ නැහැ. විශේෂයෙන්ම සිංගප්පූරුව එරට යටිතල පහසුකම් වර්ධනය කරන්න විශේෂ උනන්දුවක් දැක්වූවා එමගින් ඔවුන්ගේ නිෂ්පාදිතය වර්ධනය වුනා.
එ් ආයේජනයන්ගේ වාසි අද වෙනකොට සිංගප්පූරුව ලබාගන්නවා. එ්ත් අවාසනවාකට වගේ ජැමෙයිකාව එ් වැනි දියුණු ආර්ථිකයක් බවට පත්වෙලා නැහැ. මම මේ කතාවෙන් කියන්න උත්සහ කලේ ජැමෙයිකාව එද පාලනය කළ රජයයි සිංගප්පූරුව පාලනය කළ රජයයි අතර තියෙන වෙනසයි ඔවුන් ගත්ත තීරණවල පවතින වෙනස් කමයි මම මෙයින් පෙන්වා දෙන්න උත්සහ කලේ.
ඇත්තටම රටක අනාගතය ගැන සැලසුමක් ඇතිව රටක් ආයෝජනයන් කළයුතුයි. රටක් තුල කෙරෙන ප‍්‍රාග්ධන ආයෝජන ගැන ගොඩක් විශ්වාස කරනවා. එ් නිසයි මම සෝෂල් කැපිටල් ව්‍යාපෘතිය ආරම්භ කලේ. ඇත්තටම මම දැකින විදිහට ලෝකය ඇතිවෙලා තියෙන්නේ ධූරාවලියකට අනුවයි.
ඉතිහාසය පුරාම අපි දැක්ක දෙයක් තමයි මේ ලෝකය දේශපාලන මතවාද සමාජ මතයන්ගෙන් පිරුණු තැනක්. එහිදී එකිනෙකාගේ අධ්‍යාපන මට්ටම් ආදියත් බලපෑවා. නමුත් අද වෙනකොට දේශපාලන බල පුළුවන්කාරකම් පරදමින් හඬක් අවදිවෙමින් තියෙනවා.
මානුෂිකත්වය කියන පදනම් අද වෙනකොට ශක්තිමත් වෙලා තියෙනවා. සියලූ දෙනාටම තමන්ගේ කුලය ස්තී‍්‍ර පුරුෂභාවය පරයමින් සාමූහික හඩක් ලොව පුරා රැුව්දෙමින් පවතිනවා. 2011 වෙනකොට මම ෆේස්බුක් සමාගමෙන් අයින් වුණෙත් මේ ලෝකයේ එකිනෙකා අතර තියෙන අන්තර් සම්බන්ධතාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා මට තේරුම් ගිය නිසයි.
සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, මුල්‍යමය කටයුතුවලට ප‍්‍රවේශවීමට ඇති ඉඩප‍්‍රස්ථාව අහිමිවුණු විශාල පිරිසක් ලෝකය පුරා සිටිනවා. ඇත්තටම ලෝකයේ ඉදිරි ව්‍යාපාර මොඩලය වෙන්නේ ලොකයේ පවතින අසමානතාව ඉවත් කිරීම තුළිනුයි. එ් නිසයි මම සෝෂල් කැපිටල් වැඩසටහන ආරම්භ කළේ. ඇත්තටම එ් සදහා අපි පහුගිය අවුරුදු හතරක කාලය තුල ඩොලර් බිලියනයකට අධික මුදලක් වැය කරලා තියෙනවා. ප‍්‍රායෝගික මට්ටමේදී මට පෙනී ගිය ආකාරයට මෙමගින් ලෝකයට විශාල සේවයක් කිරීමට අවස්ථාව උදාවෙනවා.


මීට වසරකට කලින් මගේ උපන් රට වන ශී‍්‍ර ලංකාවට පැමිණෙන්න මට අවස්ථාව ලැබුණු අවස්ථාවේදී මට රටේ ඉදිරි අනාගතය යහපත් මගකට ගෙනියන පුද්ගලයින් කිහිප දෙනෙක්ම මුණ ගැහුණා. මෙරට තුල අඩු මුදලකට අධිවේගී අන්තරජාල සේවා පහසුකම් හදුන්වාදීමට මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක්. එමගින් මෙරට සියලූ ප‍්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකියාව පවතිනවා. අපි ඉලක්ක කරන්නේ මුළුමහත් ශ‍්‍රී ලංකාවම ආවරණය වන අන්තර්ජාල පහසුකම් ලබාදීමටයි.
රටේ ජනතාවට අන්තර්ජාලයට ප‍්‍රවේශවීමට පවතින බාධක ඉවත් කිරීම රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහල යෑමට ඉවහල් වෙනවා. එහිදී සාක්ෂරතාවය, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව ඉහල යනවා. එ් වගේම සමජයේ පවතින ප‍්‍රචණ්ඩත්වය පහල යන්නත් මෙය ඉවහල් වෙනවා.
ඔබ ජැමෙයිකාවයි සිංගප්පූරුවයි දිහා යළිත් හැරිලා බැලූවොත් පෙනීයනවා අන්තර්ජාල යටිතල පහසුකම් ඇති කිරීමෙන් අපිටත් ශී‍්‍ර ලංකාව ශක්තිමත් ආර්ථිකයක් බවට පත් කළ හැකියි කියලා. මොකද මහාමාර්ග අධිවේගී මාර්ග වගේම අන්තර්ජාල පහසුකමත් ඉතාම වැදගත් සාධකයක්. ශී‍්‍ර ලංකාවේ සෑම විෂය ක්ෂේත‍්‍රයකම අතිදක්ෂ පුද්ගලයින් සිටිනවා. එ් හැමදෙනාටම ඉදිරියට එන්න හැකිසෑම අවස්ථාවක්ම ලබාගන්නා ලෙස මම ඉල්ලීමක් කරනවා. ලාංකික දක්ෂයන් වන ඔබ ලෝකයට යා යුතුයි.
එ්ත් මම කිව යුතුයි අපි මේ කරන්න යන දේ ගැන ගොඩක් අය වැරදි වැටහීමක් ඇති කරගෙන තිබෙනවා. එ්ක වැරදියි. මේ දෙස අවධානයෙන් බැලූවොත් පෙනේවි ඇත්තටම මේ රටේ ජනතාවට විශ්වීය අන්තර්ජාල ප‍්‍රවේශයක් මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව. එ් වගේම මෙවැන්නක් කළ ලෝකයේ පළමු රට වෙන්නේත්  ශී‍්‍ර ලංකාවයි. මම හිතනවා ශී‍්‍ර ලංකාවෙන් විතරක් මේක නවතින එකක් නැතිවෙයි කියලා. ලාංකිකයෙක් විදියට ගූගල් ලූන් වගේ ව්‍යාපෘතියක් ශී‍්‍ර ලංකාවේ දියත් කරන්න මම හිතුවේ උපන් රටට යමක් කළයුතුයි කියලා හැගීමක් මට ඇති වුණු නිසා. ඇමෙරිකාවේ සිට වුවත් ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස මෙවැනි දෙයක් හිමිකරදීමට දායක විය හැකි වීම ගැන මම ගොඩක් ආඩම්බරයි.”

නුවන් සේනාරත්න

http://www.rivira.lk/online/

Comments