බලි බැලිල්ල...




නුවා කොල්ලගේ දින චර්යාව ටිකක් වෙන්ස් කොරන්න තීරණය කළා. එහෙම කිව්වයි කියලා මේක මහ ලොකු වෙනසක් එහෙම නෙමෙයි. නුවා කොල්ලා පහු ගිය දොහේ වැඩිපුර පත්‍තර පත්තර කියවලා නිව්ස් ටිකක් බැලුවා.


අයෙත් කියන්න සන්තොසයි අයුබෝවන්ඩ පත්තරවල තියෙන්නෙත් මාර දේවල් නොවැ. පත්තරේ උදේ පාන්දරම අපේ ජානාධිපතිතුමාගේ පුල් පේජ් ඉස්ටෝරියක් තියෙනවා, ඊට පස්සේ අගමැතිතුමාගෙ පුල් පේජ් ඉස්ටෝරියක්,

අනිත් ටිකේ එකාබද්ධ සැට් එකේ මාධ්‍ය සකච්ඡා . ඒ අතරින් පතර ඇඩ් දෙක තුනකුත් තිබුනා.


ඔය අස්සේ ටීවී එකේ නිවුස් බැලුවා මෙන්න බොලේ පට්ට දේවල් ටිකක් ගියා කියහන්කෝ. එක මාධ්‍ය හමුවකට පස්සේ තව එකක් අනිත් එකට පස්සේ තව එකක්. අනිතිමව නිවුස් ඉවර වුනා.

මේන් මේ වගේ තමයි නුවා කොල්ලගේ පහු ගිය දින කිහිපය ගෙවිලා ගියේ.


මේ අස්සේ නුවා කොල්ලාට  දැන් ගන්න ලැබුනා ඒකාබද්ධ විපක්ෂයේ ඈයෝ එක දවසේ එක වෙලාවට මාධ්‍ය සාකච්ඡා දෙක තුන පවත්වනවා කියලා.


ඒ අස්සේ ඒ අය තමන්ට ඕනේ දේ මිසක් කණ්ඩායමක් හැටියට කිසිම දෙයක් කොරන්නේ නෑ කියලත් වටින් ගොඩින් කනට වැටුනා.


අනේ දෙයියනේ මේ ඈයෝ රූප පෙට්ටිය ඉස්සරහා කියන දේවල් ඇහුවාම අඩන්නද හිනා වෙන්නද බඩ කපාගෙම මැරෙන්නද කියලා හිතාගන බැහැ.


ඒ අස්සේ ආණ්ඩුවේ උන්දැලාත් එකාට එකා කපා ගන්නෙත් හරියටම  මේ රූපපෙට්ටිය ඉස්සරහා නොවැ.


එහෙන් එකෙක් වැල්ලෙ බෙල්ල දාගන්න යනවා මේ අස්සේ අපේ එවුන් සාමය සමරන්න කැම්පස් වල අනිත් එකාගේ ඔලු පලනවා.


මේ ගැන මාධ්‍ය මහත්තුරුන් හාන්කවිස්සියක්වත් නෑ. හැබැයි ඔය සහජීවනය කියන වෙබ් උන්දලා නම් ගහපු එකා ගුටි කෑවා කියලා ලෝකෙටම කෑගලා කිව්වා.

ඒත් අපේ මාධ්‍ය මහත්තුරු සහජීවනය රැක ගන්න කටක් හෙල්ලුවේ නෑ ඒ අය සුපුරුදු පරිදී එකම් එකා එකම දවසේ තැන් දෙක තුනක තියපු මාධ්‍ය සාකච්ඡා පෙන්න පෙන්න හිටියා.


මේ සේරම අස්සේ තමයි නිතරම බුකියෙයි රූපපෙට්ටියේ හිටිය මහා සටන් කාරයෙක් මිසින් කියලා මීටර් උනේ.

 දැන් බොලාල දහ අතේ කම්පනා කොරන්න ඕනේ නෑ නුවා කොල්ල කියන්න හැදුවේ ඔය මන්තරේ ජප කරණ අන්තරේ උන්දලා ගැනයි.


මේ ඈයෝ පහුගිය දොහේ උපාධිය කඩ එපෝ කොයලා කැගැහුවා නොවෑ ඒ අස්සේ ඔය සීසීටීවී කියන ඒවත් එපා කියාලා වැඩ ඇරිලා ගෙදර යන වෙලාවටම පාරවල් වහුවා නොවෑ.


මේ ඇයින්ගේ අස් ගෙඩි රඹුටන් කාලා ඉදිමිලාද කොයින්ද නැත්තම අර විස්ස විද්දයාලේ උන පිලිගැනීමේදී   ඇනීම ගැනීම නොදැක ඉන්නම බෑ නොවැ.


ඉතින් ආයිබොවඩ මේ ටිකේ නුවා කොල්ල දැන් ගත්තා මේරටේ දේසපාලුවෝ වැසිකිලියට ගියත් අපේ මාධ්‍ය මහත්‍තුරි මයික් එකක් අල්ලගෙන පස්සෙන්‍ යන සුන්දර රටක් කියන විත්තිය, අනිත් දේ තමයි රූපපෙට්ටිය කියන බඩකඩිත්‍තුවේ නිවුස් කියලා යන්නේ එකම කෙනා එකම දැවසේ තැන් දෙක තුනක තියන මාධ්‍ය හමු විතරක් යන අමුතුම ප්‍රෝග්‍රෑම එකක් කියන කාරණය. වැදගත්ම දේ තමයි සංහිඳියාව කියන්නේ එක කට්ටියකට විතරක් වලංගු ඒ ගැන මාධ්‍යට විලංගු වැටේන කාරණය කියන දේ.


මේ අනුව නුවා කොල්ලාට කියන්න තියෙන්නේ අද වෙනකොට මේ රටේ මාධ්‍ය නිදහස, සත්‍යය වාර්තාකරණය කියන දේ නමටවත් ඉතුරුවේලා නෑ කියලයි. ඒ හැම දේම අද වෙනකොට වොයිස් කට එකක වචන වලට හිරවෙලා කියලයි.

Comments