මරා ගැනීම...
සිරිලංකාව යනු අමුතුම තාලේ රටකි. එහි ජීවත් වන්නේ අමුතුම ආකාරයක ජීවී කොට්ඨාශකි. මේ ජීවී කොට්ඨාශයේ ප්‍රධාන වර්ග දෙක්ක වෙති. ඉන් එක් වර්ගයක් ටොයියන් වන අතර අනෙක් වර්ගය බයියන් වේ.
මේ දෙපිරිසම වැඩි කාලයක් නිකම්ම කාදමන්න රුසියන් වන අතර තමන්ගේ ඇහේ තියෙන් පොල් පරාලය කෙදිනකවත් නොදැකීම මොවුන් සතු විශේෂ හැකියාවකි.
මීට අවුරුදු තිහකට විතර කලින් මේ දෙපිරිසම මූණටම ගේම ඉල්ලන්න පුරුදුව සිටිමුත් අද වෙනකොට නූතන තාක්ෂණය හමුවේ තත්ත්වය මදක් වෙනස්වී තිබේ.
හැබැයි මේ අය සකර්බර්ග් අයියාගේ බුකිය අද වෙනකොට දේශපාලන පොරපිටියක් කොරගෙන තියෙන බව බුකිගත වෙන ලොකු පොඩි ඕනෑම අයෙකුට තේරුම් යන සරල කාරනයක් වී හමාරය.
මේ ඇවිලෙන බුකි ගින්න නිමෙන්නට නොදී පවත්වාගෙන යන්නට පිදුරු දමන බුකි ඇඩ්මින්වරුන් යැයි කියා ගන්නා පිරිසක් මේ අතර දැකගන්නට පුළුවන්.
මේ උන්දලා ක්‍රිකට් මැච් එකේ සිට වැසිකිලි දැක්වා වූ කාරණා සිය දේශපාලන වාසියට හරවා ගනී. මේනිසාම පුහුහියදා පැවති ටී ටුවෙන්ටි මැච් එකත් බයියන්ටයි, ටොයියන්ටයි දේශපාලනයෙන් ඈත් කර තබාගන්මට බැරිවිය. ඒකටම හරියන්න මැච් එක අස්සේ බෝඩ් කෑලී එල්ලන් හිටිය අක්කාට ඇත්වුන ඉරනම අමුතුවෙන් මතක නොකළයුතු යැයි විශ්වාස කරමි.
මේ අතර අපේ රටේ නව තාරුණ්‍ය යැයි කියා ගන්නා පිරිසක්ද සිටී. විටෙක ඔවුන් නව පරම්පරාවක ලෙසද තවත් විටෙක ජාතිමාමකයන් ලෙසද පෙනී සිටී. ඒ සියල්ලට ඉහලින් තමන් රැඩිකල් පොරවල් ලෙසට හුවාදක්වන්නන්ද සිටී.
මේ සියලුමදෙනා බුකි වීරයන් ලෙසින් පෙනීසිටි කාඩ්බෝඩ් වීරයන් බවට ලියුම්කරුගේ විශ්වාසයයි.
ඉහත සදහන් කළ කිසිවෙක් කෙරෙහි ලියුම්කරුගේ පුද්ගලික තරහක් නොමැති බවද මෙහිදී සදහන් කළයුමය. එහෙත් මේ පිරිස කෙරෙහි ලියුම්කරු මතවාදීව එකග නොවන බවද කිවයුතුමය.
මේ සියල්ලට වඩා හිනා යන කාරණය වන්නේ ඉහත කී පිරිස මොන ගොන් කම කළත් ඒවාට බුරුතු පිටින් ලයික් කොමෙන්ට් දමන්නන් රැසක්ද මෙහි සිටී. මේනිසාම ඉහත සදහන් කළ තැනැත්තන් තමන්ට ලැබෙන ලයික් කොමෙන්ට් දෙස බලා තමන් තුලම කෘතිම පොරත්වයක් මවාගෙන් ඇති බව විමසිල්ලේන් බලන්නෙකුට වටහා ගැනීමට අපහසු නොවෙනු ඇත.
මේ සියලු පෙරලි බුකිය තුල රගදක්වද්දී ඒ අස්සේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටු කරගැනීමට ඇස කවනා කුටයින් සිටිනා බව බොහෝදෙනා නොදන්නා දෙයකි.
එහිදී ජන රැලි වල ඡායාරූප වලට කොටු ගසා හිස් ගනින්නට තරම් මේ පිරිස නිවට වී ඇත. තමන්ගේ වාසියට කබරගොයාත් තලගොයා කරගන්නට තරම් මේ පිරිස දක්ෂ නූල් සූත්තර කාරයන් වුවත් පක්ෂ පාටවලින් අන්ධ වූවන්ට මේබව කිසිදින පසක් නොවෙනු ඇත.
මේ සියල්ල මගින් කියාපාන්නේ කිසිදා නැදැකපු කිසිදින තමාට පිහිට නොවූ දේශපාලුවෙක් වෙනුවෙන් බුකිය තුල මරාගැනීමට තරම් අපේ තාරුණ්‍ය මීහරක් රැල්ලක් වී අවසාන බව අකමැත්තෙන් වුවද කිවයුතුය.
මේ සයිබර් ගෝරියේ ප්‍රතිඵලයක් ලෙස තමන් ලග දුකට සැපට ඉන්නා මිතුරාට පයින් ගසා නොදැකපු පුද්ගලික චරිතයකට පණදීමට සූදානම් වීමත් ඒමගින් අපේ තාරුණ්‍ය ගොනාට අන්දමින් තමන්ගේ මඩිය තරකරගැනීමට පිරිසක් සමත්වී ඇත.
මේ සරල සත්‍ය තේරුම් ගැනීමට තරම්වූ යහපත් මානසික තත්ත්වය වත්මන් බුකි පරපුරේ මොලගෙඩී මෝරා නැති හෙයින් මතු දිනක ප්‍රයෝජනය සදහා මෙලෙස ලියා තබමි.
Comments
Post a Comment