වායිස්ගේ ගුවන් කරනම



ශයෙස්ටා වායිස්ට සිය ජීවිතයේ මුල්ම වරට ගුවන් යානා ගැන හරි හැටි දැගන්න ලැබෙන්නේ ගුවන් යානා අනතුරක් ගැන රූපවාහිනියේ ප‍්‍රචාරය වුන ප‍්‍රවෘත්තියක් දැකීමත් සමගයි. 
මේ පුවත දුටු ඇය සිය මවට ප‍්‍රකාශ කර සිටියේ ” මම කවදාවත්ම ගුවන් යානයක නම් යන්නේ නැහැ අම්මේ.” යනුවෙනුයි. ඒත් කුඩා කාලයේ ගුවන් යානය කියන වචනයට බිය වුන ඈ අද වෙනකොට බලපත‍්‍ර ලත් ලොව සිටින ප‍්‍රමුඛම ගුවන් නියමුවරියක්.
එහෙත් වායිස් විශේෂත්වය වන්නේ තම බිය පරදවා ජීවිතය ජයගත්ත නිසාම නම් නොවෙයි. මන්ද අද වෙන විට ඇය ගුවන් යානයක් පැදවීමට එහා ගිය ලොක වර්ථාවක් අභිමුක සිටින නිසාවෙනි.
තවමත් 29 වන වියේ පසුවන ඇය මේ ලිිපිය පළවන මොහොතේ දීත් දින 90 තුලට ලොව වට තනිවම ගමන් කළ ලාබාලතම ගුවන් නියමුවරිය වීමේ අභියෝගයට මුහුණ දෙමිනුයි සිටින්නේ.


ඉකුත් මැයි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා හී ජාත්‍යන්තර ගුවන්තොටුපලින් සිය ලොව වටා සවාරිය ආරම්භ කළ වායිස්  රටවල් 18 ස්ථාන 30 ක සිය ගුවන් යානය ගොබැස්වීමට නියමිතය. ඒ අනුව ඇය ඉකුත් 27 වැනිදා සිය ලොක සවාරියේ එක් ගිමන් හලක් වූ ශී‍්‍ර ලංකාවට ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළින් පැමිණියාය. මෙහිදී ඉතා උණ්සුම් අයුරින් පිළිගනු ලැබූ ඇයගේ ශී‍්‍ර ලංකා සම්ප‍්‍රාප්තිය ඉතිහාසයේ රණ් අකුරුනි ලියැවෙන බව නම් නොඅනුමානයි.
වායිස් සිය ලොවපුරා සංචාරයට යොදා ගෙන ඇත්තේ බීච් ක‍්‍රාෆ්්ට් බොනැන්සා ඒ 36 වර්ගයට අයත් එක් එංජිමකින් සමන් විත සැහැල්ලූ වර්ගයේ ගුවන් යානයක්. එයට හේතු වී ඇත්තේ අඩු ඉන්දන ප‍්‍රමාණයකින් වැඩි දුරක් ගමන් කිරීමට ඇති හැකියාව නිසාවෙනි.
 මෙම යුවතියගේ ලොව වටා සවාරිය සත්‍ය වශයෙන්ම ආරම්භවුයේ මීට දසක තුනකට පෙර ඇෆ්ගනිස්ථානයේ සරණාගත ක`දවුරක් තුලයි. 
වායිස් උපත ලබන්නේ ඇෆ්ගණිස්ථානය සහ සොවියට් රුසියාව අතර පැවති යුද සටයන් වළින් අනාතභාවයට පත් සරණාගයින් රැුදි සිටි ක`දවුරක් තුලයි. ඈ ඉපදී මාස කිහිපයක් ගතවීමටත් මත්තෙන් සරණාගතභාවය පතා ඇගේ දෙමාපියන් ඇමරිකාවට පැමිණේනනේ යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙනි.
නුමත් වායිස් ඇමරිකාවට පැමිණියද ඇයට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් මුහුණ දෙන සාම්ප‍්‍රදායික සීමා මායිම් වලින් ඔබ්බට යෑමට නොහැකි විය. මෙයට ප‍්‍රධානම හේතුවක් වුයේ කාන්තාවන් හයදෙනෙකුගෙන් යුත් ඇගේ පවුලේ කාන්තාවන් දැරුවල් හදාවඩා ගනිමින් නිවසට වී සිටිය යුතු බවට පැවති විශ්වාසයයි.
ඇය තමන්ගේ මෙම අත් දැකීම ගැන ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදී විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ මේ අයුරිනි, ” කුඩා ගැහුණු ළමයෙක් විදිහට මම ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා. මම හැදී වැඩුන පරිසරයත් එකක් මට ලොකු බලාපොරොත්තු තියාගන්න ඉඩක් තිබුණේ නැහැ.”
”මට කරන්න ඉතිරිවෙලා තිබුන එකම දේ වුනේ හො`ද අම්මා කෙනෙක් වෙලා මගේ දරුවන් ලෝකයට වැඩදායි දෙයක් කියලා බලාපෙරොත්තු පොදු බැ`දන් ඉන්න එකයි.”
මෙවැනි රාමුවකට සිරවීමට වායිස්ට සිදුවූයේ ඇය හැදී වැඩුනු පරිසරය තුල දැකගැනීමට හැකිවුනු ප‍්‍රබලම කාන්තාව ඇගේ අම්මා බවට පත්වූ නිසාවෙනි. ඒ අනුව ඇයට ඇමරිකාව වැනි දියුණු රටක ජීවත් වුවද සාම්ප‍්‍රදායික ඇෆ්ගන් කාන්තාවගේ රාමුවට සිරවීමට විනා වෙනත් මාවතක් පෙනෙන තෙක් මානයක නොවීය.
ඇත්ත වශයෙන්ම සිදුවුයේ වායිස් ජීවත් වූ රට වෙනස් වුවා පමණි. ඇයට ඇමරිකාව තුලත් ඇෆ්ගන් වැසියන් ජීවත්ව ආකාරයේම දුගී ජීවිතයක්ම උරුම වී තිබිණි. එබැවින් ඇය හෝ ඇගේ පවුලේ කිසි`දු සාමාජිකයකුට ගවන් යානයක ගමන් කරන්නට වාසනාවක් හිමිනොවීය.
ඒ අනුව කුඩා කාලයේ සිට ගුවන් යනා පිළිබ`ද ඇය තුල වූ බිය නව යෞවණියක් වුවද පහව ගොස් නොතිබූ අතර ගුවන් ගමනක් නිරත වීම යනු ඇය අසන්නට අකමැතිම වචනයක් බවට පත් වී තිබිණි. 
එහෙත් වායිස් ගුවන් යානා පිළිබ`ද දැරූ එම මතය වෙනස් කිරීමට ගතවූයේ නිමේෂයක් පමණි. හදිසි අවශ්‍යතාවයකට කැලිෆෝනියාවේ සිට ෆ්ලොරිඩා වෙත ගුවනින් යෑමට සිදුවන්නේ ඇයට අන් කිසි`දු මගක් ඉතිරි නොකරමිනුයි.
වායිස් තම ප‍්‍රථම ගුවන් ගමන ගැන විස්තර කර තිබුණේ මෙලෙයසි.” මම හිතුවේ ගුවන් යානය ගුවන් ගත වෙන්නේ රොකට් එකක් අහසට නැගෙන විදිහට කියලයි. ඉතින් මම යානය ගුවන් ගතවෙන කොට දෙවියන් යදිමිනුයි හිටියේ. එත් යානය ගුවන් ගතවුන විදිහ මම හිතාගෙන හිටියාට වගේ ගොඩක් වෙනස්. ඇත්තටම එක් ගොඩක් සුන්දර අත් දැකීමක් වුනා” 
වායිස් හට තම ප‍්‍රථම ගුවන් ගමනින්ම මෙතෙක් සිතේ මවාගෙන හිටිය බිය තුරන් කරමින් ගුවනට පෙම් බැදීමට ගතවූයේ නිමේෂයක් පමණි. ඒ අනුව ඇය පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව දෙවරක් නොසිතා ගුවන් නියමු පුහුණු පාසලට ඇතුළු වන්නේ පවුලේ සියලූ දෙනාගේම විරෝධතාවය මතයි. 


මෙම තීරණයත් එකකම වායිස්ට තම පවුලේ සමාජිකයින් ගෙන් මදකට ඈත්ව කාලය ගත කිරීමට සිදුවූ අතර එයට හේතුව වුයේ ගුවන් නියමු බිරිදක් විවාහ කර ගැනීමට කිිිසි`දු ඇෆ්ගනිස්ථානු පුරුෂයකු අකමැති වීමයි.
තරජන ගර්ජන නින්දා මැද තමන සිහිනය පසු පස ගමන් කළ ඇය ගුවන් නියමුවරියක් වන්නේ සියලූදෙනාම මවිත කරමිනුයි. 
”මම ගුවන් ගත වෙලා ඉන්නකොට වෙන කිසිම දෙයක් මගේ හිතට එන්නේ නැහැ ඒ නිසා මට කොච්චර නින්දා කළත් ඒ හැම දෙයක්ම හිතෙන් අමතක කරන්න හැකියාව ලැබෙනවා” යනුවෙනුයි වායිස් තමන් අත් විදි රළු දිවිය ගැන සදහන් කර ඇත්තේ.
ඒ අනුව අද වන විට තමන්ට තරණය කරන්න වුනු ගිරි දුර්ග ඉදිරි පරම්පරාවට මගහැර තම සිහිනය ජය ගැනීමට මග පෑදීම වායිස්ගේ ඒකායන බලාපොරෙත්තුව වී තිබේ. ඇගේ එම අරමුණ සාර්ථක කර ගැනීමට මේ වෙනවිට "අහසට නැගි සිහිනය” නමින් විශේෂ පදනමක්ද ස්ථාපිත කර තිබේ. 
මෙම පදනම තුලින් ඇය බලාපොරොත්තු වන්නේ ලොව පුරා සිටින තරුණ තරුණියන්ට තමන්ගේ සිහිනය කරා ගමන් කිරීමට ශක්තිය සහ ධෛරය ලබාදීමයි. එහි එක් පියවරක් ලෙයසි දින 90 ක් තුල ලොකය වටා පියාසර කිරීමට ද තීරණය වන්නේ.
තම අනාගයට බියේ මුළු ගැන්වී සිටි සරණාගත දැරියක්ව සිට ලොවම හදුනන යකඩ ගැහැණියක් දක්වා ශයෙස්ටා වායිස් පැමණි ගමන් මග ගැන කළ විමසීමකදී ඇය සදහන් කර ඇත්තේ ” මම භූගෝල පොත් වලින් ශී‍්‍ර ලංකාව ඉන්දියාව ගී‍්‍රසිය ඉතිලිය වගේ රටවල් ගැන කියවලා තිබුණා. ඒත් ඒවා මම දැණුනේ නිකම්ම නිකම් නම් විරක් කියලයි ඒත් අද මම මේ රටවල් සියල්ල දැක ගන්න පියාසර කරන්න හැකියාව ලැබී තියෙනවා” යනුවෙනුයි.

නුවන් සේනාරත්න




Comments