නාන්න එපා..!
එහෙත් අප සටහන් කිරීමට යන්නේ ගොඩවාරි ගංගාවේ සුන්දරත්ව තුල සැගවී ඇති රහසක් පිලිබදවයි. නිල් පැහැයට ගලා බසින ගොඩවාරි ගංගාවේ විවිධ මතස්‍ය සම්පත් හා ජලජ ජීවීන්ගෙන පිරී පැවතිනි. මෙම සුන්දර ජෛව විවිධත්වයෙන් අනූන ගංගාව උඩ යටිකුරු කරන සොයා ගැනීමක් කිරීමට ඉන්දීය වනජීවී ආයතනය පසුගියදා සමත් විය.
මෙම සොයා ගැනීමේ ප්‍රතිපල නිදහස් ජලයේ පිහිනීමට කැමති අයෙකුටම් සුබදායක නොවනු ඇත. ඒනම් ඉන්දීය වනජීවි ආයතනය මෙම ගංගාවෙ සොයා ගන්නා ලද්දේ පිරානා මත්සයන්ය. මීට වසර කිහිපයකට ඉහතදී මෙම මතස්‍යයින් ගොඩවාරි ගංගාවෙන් සොයා ගැනීමට නොහැකි වුවද මේ වන විට එම මතස්යයි ගොඩවාරි ගංගාව ආක්‍රමණය කරමින් සිටී.
දකුණු ඇමරිකානු රටවල් වන බ්‍රසීලය වෙනිසියුලාව ආර්ජන්ටිනාව වැනි රටවල් වල හා ඇමසන් වැසි වනාන්තරයට පිරානා මත්ස්‍යයින් ආවේනිකය. ලොව තියුණුතම දත් ඇන්දට හිමිකම් කියන්නේද පිරානා මසුන්ය. ශරීරයට සාපේක්ෂව ශක්තිමත්ම හකුවලට හිමිකම් කියන්නේද පිරානා මසුන් වීමද විශේෂත්වයකි.
පිරානා මත්සයින් රංචු වශයෙන් ජීවත් වන අතර මාංශභක්ෂකයින් වන මෙම මසුන් වැඩුනු කුකුලෙකු සම්පූරණයෙන් ආහාරයට ගැනීමට අවශය වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. වැරදීමකින් හෝ මිනිසෙකු පිරානාවරුනගෙන් පිරුනු ජලාශයක තනිවුවහොත් ඔහුට අත්වන ඉරණම එහතරම් සුන්දර එකනම් නොවෙනු ඇත.
ඉන්දීය වනජීවි ආයතනය විසින් ඉකුත් වසරේදී ඩෝව්ලේෂ්වරම් හි පිහිටා තබෙන වේල්ලක් අසලින් ප්‍රථම වරට පිරානා මසුන් සොයා ගැනුන අතර ඉන් පසුව අවස්ථා කිහිපයකදීම මෙම මසුන් ඉන්දීය ජලාශ ආශී‍්‍රතව දැක ගැනීමට ලැබුනු බවට වාර්තාවේ.
මෙම සිද්ධි මාලාවට අමතරව මේ වන විට ඇතම් ඉන්දීය ග්‍රාමීය වෙළෙද පොළවල් හි පිරානා මසුන් විකිණීමට තබා ඇති අයුරුද දැක ගන්නට ලැබී ඇත. එමෙන් පිරානා මසුන් ඇතම් ඉන්දීය ජාතිකයින් සිය ආහාරයට එක් කරගන්නා බවට වෙළෙදපොළ තුළ පිරානා මසුන් අලෙවියෙන් පෙනීයන බව ඉන්දීය වන ජීවී ආයතයන සදහන් කරයි.
මේ අතර බටහිර ගොඩවාරි ප්‍රදේශයට වන්නට අකිවිඩු හි පිරානා මසුන් බෝ කිරීම සිදුකරන ස්ථාන කිහිපයක් ඇති බවට ඉන්දීය බලදාරීන් හදුනාගෙන ඇති අතරම මේ වන විට ඇතැම් පුද්ගලයින් මහා පරිමාණ වශයෙන් පිරානා මසුන් බෝකරමින් සිටින බවටද ඉන්දීය බලධාරීන් අනාවරනය කරගෙන ඇත.
එසේම මේ වන විට සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ වලින් පෙනීයන්නේ ඉන්දීයාවේ ගංගා හා ජලාශ ආශී‍්‍රතව පිරානා මසුන් ඉතාම ශීඝ්රයේ පැතිරි යන බවයි එමෙන්ම ෙමිවන විට ඉන්දීය ජලාශ ආශී‍්‍රතව ජීවත්වන ඉන්දියාවට පමණක් ආවේණික මත්සයින් විශාල ප්‍රමාණයක් මේවන විට වදවීයාමේ අවදානමකට මුහුණ දෙමින් සිටී මෙය හේතුව වී ඇත්තේ ආක්රමණික මත්ස්‍ය විශේෂයක් වන පිරානා මසුන් අනෙකුත් මසුන් ආහාරයට ගැනීමයි.
ඉන්දීය ජාතිකයින් පිරානා මසුන් රූප් චාන්ද් නම්න් හදුන්වනු ලබයි. එසේම ඇමසන් වනාන්තරය ආස්නයේ ජීවත්වන්නන් විසින් පිරාන මසුන්ට කරනවෑමි මසුන් නමින්ද හදුන්වන ලබන අතර මෙයට හේතු වී ඇත්තේ පිරාන මසුන්ගේ දත් සහිත හකු හිසකෙස් කැපීමට යොදාගන්නා බැවිනි.
කෙසේ වෙතත් උඩුදුවමින් පවතින පිරානා උවදුර ඉන්දියාවේ ජන ජීවිතයට අහිතකර ලෙස ලගදීම බලපානු ඇත. මන්ද බලා සිටියදී වැඩිවෙමින් තිබෙන පිරානා ගහනය හමුවේ ඉන්දියාවට ආවේනික මසුන්ට කණ කොකා හඩමින් පවතින නිසාවෙනි.
මේ බව තේරුම් ගත් ඉන්දීය වනජීවී ආයතනය ආන්ද්‍රා ප්‍රදේශයේ ජීවත් වෙන මතස්‍ය වගාකරුවන්ට පිරානා මසුන් බෝකිරීමේ කටයුතු කරන්නන් හට එහි භයානක බව පහදා දීමට උත්සහ කරමින් සිටී. පිරානා මසුන් දැනටමත් ගොඩවාරි ගංගාවේ විශාල ප්‍රදේශයක පිරාන මසුන් පැතිරීගොස් සිටින අතර ඉදිරියේදී සමස්ථ ඉන්දියාවේම විහිදීමට ඉඩ ඇති බවට ඉන්දීය පරිසර වේදීන් අනතුරු අගවයි.
Comments
Post a Comment