අත්හැරදැමීම
මේවන විට දින සියය කල් ඉකුත් වී අවසනය. එමෙන්ම සමස්ත රටම නව මැතිවරණය දෙසට ඇස යොමුකරගෙන සිටී. නව රජය පතවීමත් සමග එතෙක් විදේශයන් හී කටයුතු කළ මෙරට තානාපති නිලධාරීන් යලි ගෙනවා ගැනීමට උත්සුක වූ අතර ඉන් හිස්වූ තානාපති තනතුරු සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරණ නිලධාරීන් දින සියය ඇතුළත පත්කිරීමට වෙරදරන බවට පොරොන්දු වූහ.
දැන් නව රජය පත්වී විට දින එකසිය පනහකට ආසන්න වී ඇත. තවමත් නව තානපතිවරුන් පතකීරීමට සෑහීමට පතවිය හැකි ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් නම් දක්නට නොමැත.
ආචාර්ය රොහාන් පෙරේරා මහතාව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් පතකරනු ලැබීය. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් වශයෙන් සෝමසුන්දරම් ස්කන්දකුමාර් මහතාව පතකලේය.
එහෙත් ඉතිරි තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත්කිරීම සම්බන්ධයෙන් කළ විමසීම් කළ සෑම අවස්ථාවකම අමාත්‍යාංශය සදහන් කළේ නව පත්කිරීම් පිළිබඳ
අනුමැතිය ලබාගැනීමට ඔවුන්ගේ නම් යොමුකර ඇති බවයි.
කෙසේවෙතත් මෙම පත්කිරීම පමාවීමත් සමඟ විදේශයන් හී පිහිටි මෙරට තානාපති කාර්යාලයන් ප්‍රධානීන් නොමැතිව කටයුතු සිදුවන තත්ත්වයකට පතව ඇති වග අකමැත්තෙන් වුවද පිළිගයුතුය.
ඉදිරියේදී පැමිණෙන මැතිවරණයත් සමඟ බලධාරීන් හිතමතා හෝ දේශපාලන වාතාවරණයමත නව තානාපතිවරුන් පතකීරීමට තව තවත් කල්ගවීමක් සිදුවන විනා ඉක්මන් වීමක් අපේක්ෂා කළ නොහැක. කෙසේවෙතත් විදේශයන් හී පිහිටි මෙරට තානාපති කාර්යාලවල කටයුතු තවදුරටත් කපිතාන්වරයකු නොමැති නෞකාව වනු නොඅනුමානය .
Comments
Post a Comment