බලධාරීන්ට නොපෙනෙන කසල තේ මාෆියාව
සිලෝන් ටී’ යන වෙළෙඳ නාමයට තත්ත්ව සහතිකවලින් තොරව ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ ජයග්රහණයකිරීමට හැකිවුණේ එහි ඇති රසය සහ ගුණාත්මක බව නිසාය.
තේවෙළෙඳපොළේ හිනිපෙත්තටම නැගසිටි ශී‍්‍ර ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගයද වන තේ මේවනවිටත් බොහෝ විදේශීය රටවලින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව තිබේ.
මෙරට ක්‍රියාත්මක කසළ තේ ජාවාරම ක්‍රමක් ක්‍රමයෙන් හිස එසවීමත් සමගම ජාත්‍යන්තර තේ වෙළෙඳපොළේ අංක 01 ස්ථානයේ රැුඳීසිටි ශී‍්‍ර ලාංකීය තේ වලට එම ස්ථානය අහිමිවීයාමේ අවදානමකට ලක්ව ඇත.
තේ වෙළෙඳපොළේ පතාක යෝධයකු ලෙෂ හිස ඔසවමින් සිටින කෙන්යාව වැනි රටවලට ශී‍්‍ර ලංකාවේ කසළ තේ ජාවාරම මහත් රුකුලකි.
මෙරට වැවිලි කර්මාන්තයද යම් මට්ටමකින් පහත වැටී ඇති මොහොතක ප්‍රධානතම අපනයන භෝගයවන තේ කසළ තේ ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් මෙරට ආර්ථිකයටද මරු පහරක් එල්ලවේ.
යුරෝපා සංගමයෙන් පනවා ඇති මත්ස්‍ය තහනම, ජී.එස්.පී. ප්ලස් රටට අහිමිවීයාමෙන් ඇඟලූම් නිෂ්පාදනවලට එල්ලවූ හානියට කිසිසේත්ම සමකල නොහැකි හානියක් ශී‍්‍ර ලාංකීය පිරිසිදු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ප්‍රතික්ෂේප වුවහොත් අපට දැරීමට සිදුවේ.
අහිමිවී ගිය මත්ස්‍ය තහනම සහ ජී.එස්.පී. ප්ලස් සහනය යළි මෙරටට ලබාගැනීමට දැඩි ප්රයත්නයක් දරන වත්මන් රජයටද මෙරට තේ වෙළෙඳපොළ වර්තමානයේ මුහුණදෙන කේදජනක තත්ත්වය අමතකවී ගොසිනි. අහිමිවී ගිය එම සහන යළි ලබාගැනීමට ප්රයත්න දැරීම රටක් ලෙස ඉදිරියට යාමට ආර්ථිකමය වශයෙන් අපට මහඟු අත්වැලකි. එය ප්‍රශංසා කළ යුතු කරුණකි.
එහෙත් දීර්ඝකාලයක් තිස්සේ ජාත්‍යන්තර තේ වෙළෙඳපොළේ අංක 01 ට රැුඳීසිටින අපේ තේ වලට අත්වීමට යන මෙම කේදජනක තත්ත්වය පිළිබඳවද මෙරට බලධාරීන් සැලකිලිමත් වියයුතුය. නොඑසේනම් සහල් මල්ලට ගුල්ලන් ගැසූ පසු ඒ ගැන සාකච්ඡුා කොට පලක් නැත.
2015 වසරේදී ශී‍්‍ර ලංකාව තේ කිලෝග්?ම් මිලියන 328ක් නිෂ්පාදනයකර ඇති අතර ඉන් සියයට 10ක ප්‍රමාණයක් හෙවත් කිලෝග්රැුම් මිලියන 32ක් තත්ත්වයෙන් බාල තේ බව ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය අනාවරණය කරයි.
නියමිත ප්‍රමිතියෙන් තොර තත්ත්වයෙන් බාල තේ අපනයනය තහනම් කිරීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය තීරණයකර තිබේ. එමෙන්ම කසළ තේ ජාවාරම වැළැක්වීම සඳහා රේගු අපනයන පර්යන්තයේ තේ මණ්ඩලයේ ශාඛාවක්ද ස්ථාපිතකර ඇත. එසේ තිබියදී කිසිදු අභියෝගයකින් තොරවම නීතිරීති සහ තත්ත්ව සහතික තුට්ටුවකට මායිම් නොකර කසළ තේ ජාවාරම්කරුවෝ ඔවුන්ගේ ජාවාරම ජයටම කරගෙන යති.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය වසරේ පමණක් කසළ තේ කන්ටේනර් 450කට අධික ප්‍රමාණයක් අපනයනයකර තිබේ.
කොහුබත් වැනි ද්‍රව්‍ය අපනයනයකරන මුවාවෙන් මෙම කසළතේ ජාවාරම සිදුකරන පුද්ගලයෝ ඉන් මෙරට තේ වෙළෙඳපොළට වන හානිය පිළිබඳ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැත. ඇතැම් විට පිරිසිදු ශී‍්‍ර ලාංකීය තේ නාමයෙන්ම වෙළෙඳපොළට කසළ තේ අපනයනයකරන ජාවාරම්කරුවන් අඩි 40 කන්ටේනර් බහාලූම කසළ තේ වලින් පුරවා එහි විවර වන කොටස පමණක් පිරිසිදු තේවලින් අසුරති. කසළ තේ ජාවාරම වැළැක්වීම සඳහා ශී‍්‍ර ලංකා රේගුවේ රේගුනිවාරණ කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ඇතුළු පිරිස දැවැන්ත මෙහෙයුමක් කියාත්මක කරමින් සිටියි. මෙරටින් අපනයනයකරඇති කසළ තේ කන්ටේනර් 450න් 30ක් යළිත් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් රාජසන්තකකර විනාශ කිරීමට පියවරගෙන තිබේ.
කසළ තේ අපනයනයකර ඇති කන්ටේනර් 450න් බහුතරයක්ම අඩි 40 බහාලූම් වන අතර ඉන් එකක කසළ තේ කිලෝග්?ම් 20,000ක් පමණ අඩංගුවේ. ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය පවසන පරිදි තේ කිලෝග්?ම් මිලියන 320ක් පමණ අපනයනයකරන අතර ඉන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවලට සහ රුසියාවට අපනයනය කරයි.
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, මාතලේ, මහනුවර සහ නුවර එළිය යන දිස්ති‍්‍රක්කවල ප්‍රධාන වශයෙන්ම තේ කර්මාන්තයද සිදුකරගෙන යන අතර ලක්ෂ සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවක් තේ කර්මාන්තය හරහා සිය ජීවනෝපාය කරගෙන යති.
තේ කර්මාන්තය ආශ්රයෙන් ජීවනෝපාය ගෙනියන ජනතාවගේ ඉරණම කසළ තේ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැන් තර්ජනයකට ලක්ව තිබේ.
ශීඝ්‍රයෙන් හිස ඔසවන කසළ තේ ජාවාරමට වැටබැඳීමට පවතින නීතිරීති සහ ක්‍රමෝපාය ප්‍රමාණවත් නැත. නො එසේනම් මෙතරම් රැුකවල් මැද්දේ කසළ තේ කන්ටේනර් 450ක් රටින් පිටකිරීමට ජාවාරම්කරුවන්ට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම සැබෑ තත්ත්වය දැන්වත් තේ අපනයන මණ්ඩලය ඇතුළු බලධාරීන් තේරුම්ගත යුතුය. ඒ සඳහා සිදුකළයුතු සියල්ල කඩිනමින් කළයුතු වේ. නැත්නම් අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැතුවා වගේය.
මෙරට වෙළෙඳපොළට කීර්තිනාමය එක් කළ ශී‍්‍ර ලාංකීය තේ සඳහා දැනටමත් කළු පැල්ලමක් එක්වී හමාරය. සියයට සියයක්ම පියෝ සිලෝන් ටී යනුවෙන් අපනයනයකරන මෙම කසළ තේ පරිභෝජනයට ගැනීමෙන් විවිධ රෝගාබාධ වලට පවා මුහුණපෑමට සිදුවේ.
ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයන් සඳහා ශී‍්‍ර ලංකා රේගුව විසින් අපනයන වෙළෙඳ පහසුකම් ලබා දෙන අතර එම පහසුකම් භාවිතකරමින් ජාවාරම්කරුවන් මෙවැනි ව්‍යාපාරවල යෙදීම කනගාටුවට කරුණකි. කෙසේ හෝ ජාවාරම්කරුවන් නීතියේ රැුහැනට හසුකර ගැනීමට මෙරට ආරක්ෂක අංශ සහ ශී‍්‍ර ලංකා රේගුව සමත් වුවද ඔවුන් ඉන් පලායන්නේ තමන්ගේ ඉත්තන් ඒ සඳහා බිල්ලට දෙමිනි.
මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් ශී‍්‍ර ලංකා තේ සඳහා ජාත්‍යන්තර තේ වෙළෙඳපොළේ ඇති ස්ථානය අහිමිවී ගොස් ප්‍රතික්ෂේපවී යනු ඇත.
ඉන් පසු හඬනගා පලක් නොමැත. මෙරට පිරිසිදු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ අංක 01 ස්ථානයේ රඳවා තබාගැනීමට නම් වැවිලිකර්මාන්ත අමාත්‍යංශය, ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය ඇතුළු ඒවාට අනුබද්ධ ආයතන විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතුය. වැවිලි කර්මාන්තය නගා සිටුවන අතරම කසළ තේ ජාවාරමට තිත තැබිමටද බලධාරීන්ට කාලය එළැඹ තිබේ.
ශී‍්‍ර ලංකාව කලාපීය රටවල් අතර ශක්තිමත්ම ආර්ථිකයක් ඇති රට බවට පත්කිරීමට නව රජය පිඹුරුපත් සකස්කරමින් සිටී. නව ආර්ථික වැඩසටහන්, නව වෙළෙඳ හා ආර්ථික ගිවිසුම් පමණක් නොව රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා නව කර්මාන්තශාලා හඳුන්වාදීමට රජය සූදානමින් සිටී. ඒ අතරට කඩාවැටී ඇති වැවිලිකර්මාන්තය නගා සිටුවීමටත් ජාත්‍යන්තර වශයෙන් කීර්තිනාමයක් දිනා ඇති තේ කර්මාන්තය ආරක්ෂාකිරීමටත් රජය කටයුතුකළ යුතුය.
කසළ තේ ජාවාරම පිටු පස සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් හඳුනාගත යුතුය. ඔවුන්ට දැඩි උවදුරු පමුණුවා අපේ රටේ පිරිසිදු තේ නිෂ්පාදකයා ඔවුන්ගෙන් බේරාගත යුතුය. නොඑසේ නම් බිරි අලින්ට වීණා වයන්නාසේ අප පුනපුනා මෙයම ප්‍රකාශ කිරීමෙන් පලක් නැත.
සටහන: නිමල කොඩිතුවක්කු
http://goo.gl/e9BG6k
2016/ 03/01 රිවිර පුවත්පත ඇසුරෙන්
Comments
Post a Comment