දිව දෙකේ කතා..
යහපාලන රජය බලයට පත්වී මාස පහලොවක් ගෙවී අවසානය. මෙම කාලය තුල ශී‍්ර ලංකාවේ වෙනස් කම් කිහිපයක් සිදුවී ඇති බවද පැහැදිලිය. ඉන් ප‍්‍රධාන වන්නේ මෙරට විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් වීමයි. ඕනෑම රටක විදේශ ප‍්‍රතිපත්තිය වෙනස්වීම එම රටට විවිධ ආකරයෙන් බල පෑමටද ඉඩ ඇත. මන්ද රටක විදේශ ප‍්‍රතිපත්තිය එරට කොදුනාරටිය හා සමාන වන නිසාවෙනි.
ඒ අනුව බලන කල්හී ගෙවුනු කාලය තුල මෙරටට පැමිණි විදේශ නියෝජිතයන්ගේ සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම්ය. මෙම විදේශ නියොජිතයන්ගේ පැමීණීම නිල මට්ටමෙන් මෙන්ම නිල නොවන මට්ටමින්ද සිදුවන ආකාරයක් ද පසුගිය කාලය පුරාම දැක ගැනීමට හැකිවිය.
මෙහිදී මෙරටට කිහිප වාරයක්ම පැමිණි බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ටොනි බ්ලෙයාර් හට විශේෂ තැනක් හිමිවේ මන්ද එතුමා පසුගිය කාලය තුළ සිය නිවාඩුව ගත කිරීමටද තෝරාගෙන තිබුනේ ශී‍්‍ර ලංකාවයි. එසේම ඉකුත් සතියේදී මෙරටට පැමිණි පාකිස්තාන ජානාධිපති මම්නූන් හුසේන් මහතා පුද්ගලික සංචාරයකට පැමිණි අවස්ථාවේදී මෙරට කිසිම රජයේ නිළධාරියෙකු හමුනොවන බවට ප‍්‍රකාශ කළද ඔහු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ද්වීපාර්ෂවීය සාකච්ඡුාවක්ද පැවැත්වීය.
ගෙවුනු සති කිහිපය ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවට විශාල වශයේ වැදගත්වූ කාල පර්ඡ්චේදයක් විය. එයට හේතු වුයේ ප‍්‍රථම වරට ඇමරිකා ශී‍්‍ර ලංකාව සහයෝගීතා සංවාදය ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ඉකුත් මස 26 පැවැත්වීම නිසාවෙනි.
මෙම සාකච්චාවන් වලදී ශී‍්‍ර ලාංකාවට වැදගත් කරුනු කිහිපයක් පිිළිබ`දවම සාකච්චාවට ලක්විය. ඒ අනුව ජාත්‍යන්තර සහ කාලාපීය සහයෝගීතාව, ආර්ථික සහයෝගීතාව, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව යන කරුනු පිළිබදව මෙහිදී සාකච්චාවට බදුන් විය.
මෙම සාකච්ඡුාවලට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා දරණු ලැබීය. එම කණ්ඩායමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද එකව සිටියේය. එහිදී ඇමරිකානු රජය විසින් මෙරට ආරක්ෂක අංශ ප‍්‍රතිසංසකරණය කළ යුතුබවට විශේෂ යොජනාවක් කළේය. මෙම යොජනාවට ශී‍්‍ර ලංකා රජයේද එකගතාව ලැබීම මතභේදයට තුඩු දෙන්නකි.
එසේම මෙරට සමුද්‍රීය ආරක්ෂණ කටයුතු සදහා ද මැදිහත්වීමට ඇමරිකානු රජය සියු කැමැත්ත පළකළේය. මෙම යෝජනා ඉදිරිපත් කරමින් ඇමරිකානු රජය කියා සිටියේ යුද්ධයෙන් පසුව ශී‍්‍ර ලංකාව තුල මතුව ඇති තත්ත්වයට මෙරට හුමුදා අනුගත කිරීමට තමන් මෙම යොජානා ඉදිරිපත් කළ බවයි.
මෙහිදී පෙන්වා දියයුතු අනෙක් කාරණය වන්නේ මෙම වසර මුලදී මෙරට සංචාරයක නිරතවූ බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය හියුගෝ ස්වයර් මහතාද මෙවැනිම කාරණයක් කියාසිටීමයි. ඔහු කියා සිටියේ මෙරට ආරක්ෂක අංශ වලට උපදෙස් දීමට බි‍්‍රතාන්‍ය විසින් ද ආරක්ෂක උපදේශකයෙකු පත්කිරීමට නියමිත බවයි.
මෙම අවස්තා දෙකේදම ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයේ මෙම තීරණ වලට එළැඹීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ මෙරට ආරක්ෂක අංශ යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබද දැණුවත් කිරීම අත්‍යවශය සාධකයක් කියන කාරණයයිි.
මෙම සාකච්ඡුාවලින් පසුව විදේශ කටයුතු අමාත්‍යවරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති තිස් එක්වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයට එකවිය. එහිදී යලිත් වරක් අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කියා සිටියේ ජනවාරි අට වැනිදා මෙරට තුළ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවීමට ගිය බවයි. එහෙත් එවැනි හමුදා කුමන්ත‍්‍රනයක් සිදුනොවු බවට ජානාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබීමත් සමග විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තරය ඉදිරියේ කළ එම ප‍්‍රකාශය ඔහුගේ පුද්ගලික ස්ථාවරය රජයේ ස්ථාවරය මෙන් හුවා දැක්වීමට උත්සහ කළාදැයි සැකයක් මතුවේ.
මේ අතරතුරේදී මෙරට තුල මහත් ආන්දෝලනයක් සහ භීතිකාවක් නිර්මාණය කර ඇති එට්කා ගිවිසුම පිළිබද ඒකාබද්ධ විපකෂයේ මන්තී‍්‍රවරුන් කළ ප‍්‍රකාශයන්ට මෙරට ඉන්දියාවේ මහ කොමසාරිස් වයි කේ සිංහා මහතා පිලිතුරු සැපියීමට ඉදිරිපත් විය. එහිදී සිංහා මහතා කියා සිටියේ මෙම ගිවිසුමේ වැරදි විවේචන කරන්නවුන් එහි කිසිවක් නිසි අයුරින් අධ්‍යයනය කිරීමකින් තොරව ප‍්‍රකාශයන් සිදුකරන බවයි. එසේම 2005-2008 අතර කාලයේදී මෙම එට්කා ගිවිසුම පිිළිබ`දව සාකාච්ඡුාවන් සිදුකළ බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දීමට පසුබට නොවීය.
ඉන්දියානු මහ කොමසාරිස්වරයා සිදුකළ මෙම ප‍්‍රකාශය තුළ ඔහු වචන හැසිරවීම පිළිබ`දව ඉතා ප‍්‍රවේසම් වීමට වගබලාගෙන තිබිනි. මන්ද ඔහු කිසිම අවස්තාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් නොකරීමට වග බලාගෙන තිබුනි හෙයිනි.
කෙසේවෙතත් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මෙම ප‍්‍රකාශයට පිළිතුරු සැපයීමක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයන් නිකුත් කිරීමට පියවර ගත්තේය. එම නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය ඉතා ආරක්ෂා කාරී පිළිවෙත් අනුගමනය කළයුතු බවයි.
මෙම සිදුවීම මෙරට තූල විශාල අවදානයක් යොමුවීමක් දක්නට නොලැබුනද ඒ සදහා ඉන්දයානු මාධය විශාල වැදගත් කමක් ලබාදී තිබිනි. මෙමගින් පෙනීයන්නේ එට්කා ගිවිසුම පිිළිබද මෙරටට මෙන්ම ඉන්දියාවටද අතිශය වැදගත් කමක් පතින බවයි. එබැවින් තමිල්නාඩු දේශපාලඥයින් ඉන්දු ලංකා ධීවර ගැටලූව දේශපාලන අවියක් කර ගත්තා සේම මෙම ගිවිසුමද ඉන්දීය දේශපාලනයේ ප‍්‍රබල මාතෘකාවක් වීමටද ඉඩ ඇති බව මෙයින් සැක සංකා මතුවේ. එහෙත් මෙරට තුල නිරමාණ වී ඇති එට්කා විරෝදය ඉන්දියානු බල කිරීම් මත පුස්සක් වී යෑමටද ඉඩ කඩ ඇත.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර දොලනය වන එට්කා ගිවිසුමට අමතරව මේ දින වල ජිනාවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයද පැවැත්වෙමින් තිබේ. එහෙත් අනෙක් සැසිවාරයන්ට වඩා මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකා පිළිබ`ද යොමුකර ඇත්තේ ඉතා අඩු අවදානයකි.
මන්ද වසර ගණනනාවකට පසුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාව පිළිබද සාකච්ඡුා කිරීමට මෙවර සැසිවාරයේදී කාලයක් වෙන්කර නොමැති වීමයි. එමගින් පෙනීයන්නේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව ඔවුනට අවනත රටක් බවට පත් වී ඇති හෙයකි. ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පෙබරවාරී මස මෙරට සාංචාරය කිරීමෙන් අනතුරව ප‍්‍රකාශ කර සිිටියේ මෙරට අධිකරණ පද්ධතියට ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යවශය බවයි, එසේම තමන් ශී‍්‍ර ලංකව තුල හියිබි‍්‍රඞ් උසාවියක් ඇතිකළ යුතු බවය දැඩි ලෙස විශ්වාස කරන බවද මානව හිමිකම් කොමසාරින්වරයා මෙර මාධ්‍ය සාකච්චාවක් පවත්වා ප‍්‍රකාශ කර සිටියේය.
එහෙත් ඉකුද් බ‍්‍රස්පතිදුන්දා (10) මානව හිමිකම් මහා කොමසාරිස්වරයා කළ ප‍්‍රකශයේදී පමණක් ශී‍්‍ර ලංකාව පිළිබ`ද පොඩි සදහනක් කිරීමට මානව හිමිකම් කොමසාරිස් වග බලාගත්තේය. එහිදී ඔහු කියා සිටියේ ශී‍්‍ර ලංකාව මේවන විට සංහිදාව අත් කරගැනීමට යන ගමනේ සාර්ථකව ගමන් ගන්නා බවත් මෙර තුල සංහිදියා කොමිසිම කි‍්‍රයාත්මක කිරීමට පියවර ගැනීමට අගය කරනා බවයි.
මේ අතරේ තායිලන්තයේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය සිදුවිය. එහිදී තායිලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර ද්වී පාර්ශවීය ගිවිසුම් තුනකට අත්සන් තබනු ලැබීය. එසේම ජනාධිපි මෛතී‍්‍රපාල සිරිසේන මහතා තායිලන්ත නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයාට සර්වඥ ධාතූන් වහන්සේ නමක් ද පිලිගන්වනු ලැබීය.
ගතවු සතිය නිමාවත් සමගම විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දකුණු කොරියානු සංචාරයද නිමාවිය මෙම සංචාරයේදී යලිත් ශී‍්‍ර ලංකාව ඇමරිකාවේ අඩිපාරේ යමින් උතුරු කොරියාව සිදුකරනු ලබන න්‍යෂ්ටික අතහදා බැලීම් වලට විරෝදය පලකිරීමක්ද සිදුවිය.
එ් අනුව මෙලෙස ඉකුත් සමයේ සිදුවූ සිද්ධි මාලාව දෙස බලන කල්හී ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරය සමග හරි හරියට ඔට්ටු වු බවක් මනාවට පෙනීයයි. එසේම ඉදිරි සතියේ ද තවත් විදේස් නියෝජිතයන් කිහිපදෙනෙකුගේම පැමිණීම් සිදුවීමට නියමිත බැවින් එම සතිය ද අන්තර්ජාතික වශයෙන් පුවත් මවන්නෙකු බවට ශී‍්‍ර ලංකාව පත්වෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
Comments
Post a Comment