කුමරැ ඇයි ආවේ.....?

                                             

                                                         

මානව හිමිකම් කුමාරයා කොරපු සංචාරයෙන් පස්සේ අපේ උන්දලා අතරේ අමුතුම කසුකිසුවක් ඇතිවෙලා තියෙන හැඩයි.
මේ හින්දම අපේ උන්ගේ රග මඩල වෙච්ච බුකියත් හොදටෝම උණුසුම් වෙලා. ඒ හන්දාම මේ ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියලා නුවා කොල්ලා තීරණය කොලා.
අපේ රට ගැන ජාත්‍යන්තරයේ කතා කොරන්න පටන් ගන්නේ අද ඊයේ එහෙම නෙමෙයි. සුද්දා රට  අල්ලගන්න කලිනුත් අපේ උන්දලාගේ අලුගුත්තේරු වැඩ ගැන ගොඩක් අය දැනගෙන් උන්නා.
හැබැයි මේ කියන කුමාරයා එහෙමත් නැත්තම් කතානායකයා කරලියට එන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී.
උනදා තමයි ජගත් මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්.
මේ උන්දැ  පහුගිය අවුරුදු 9 කාලයේ ලංකාවේ උනයි කියන මනව හිමිකම් උල්ලංඝනවීම් ගැන වාර්තාවක් නිකුත් කරනවා.
මේ වාර්තාව නිකුත් කරන ගමන් මේ යෝධයා කිව්වා අපේ රටේ හයිබ්‍රිඩ් අදිකරනයක් පිහිටුවන්න ඕනෙ කියලා.
මේකත් එක්ක රට ඇතුලේ මහා පෙර්ලියක් වෙන්න පටන් ගත්තා. මේක අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලත් අපේ කස්ටිය එත්තු ගන්වන්න ට්‍රයි නොකලා නෙමෙයි.
හැබැයි අපි කවුරුවත් මේ කුමාරයා කොල්ලා මේ හයිබ්‍රිඩ් අදිකරනයක් ගේන්න ඕනේ කිව්ව ඇත්තම් හේතුව හොයලා බැලුවේ නෑ.
අපේ රටේ ඉන්න ගොබ්බ හැතිකරේ දේශපාලුවෝ කියන්නේ මොකක්ද ඒ ඉස්මුදුනෙන් පිලිගන්නවා නොවැ.
මේ ගොබිලයෝ එකෙක්වත් ඔය කෑ ගහපු දේශපාලුවෝ බොහොමයකුත් මේ වාර්තාව කියෙව්වේ නෑ.
එක අතකින් ඒක සාදාරනයි මොකද ඒ වාර්තාව ඉංගිරිසියෙන් නොවැ තිබ්බේ. ඉතින් මුන් කොහොමෙයි ඒක කියවන්නේ.
මේ වාර්තාව යුද අපරාධ වාර්තාවක් කියලා සම-හරක් අර්ථකථනය කොලා හැබැයි උන් දන්නේ නෑ මේ කුමාරයා කොල්ලා මානව හිමිකම් මහ කොමසාරිස් මිසක් ආරක්ෂක කවුන්සලයේ පොරක් නොවන විත්තිය. අනික උන්දැගේ වාර්තාවේ කිව්වා කොටි ( කකුල් දේ එවුන්)    බාල වයස්කාරයන් බලහත්කාරයෙන් යුද්ධයට යොදා ගත්තා කියලා අනික ඒ ළමයි ඉස්කෝලේ යන ගමන් කෝවිලට යන ගමන් තමයි යුද්ධයට උස්සගෙන ගිහින් තියෙන්නේ කියලා මේ වාර්තාවේ තිබුණා.
හැබැයි ඒ වාර්තාවේ අපේ ආමි එකේ කොල්ලො සමූල ඝාතනය කිරීමක් කළා කියලා කියලා තිබුණේ නැහැ.
ඒ උනාට නුවා කොල්ලා. මේ වාර්තාව එකහෙළා ඉස්මුදුනෙන් පිලිගන්න නුවා කොල්ලා ලැහැස්ති නැහැ ඒත් මේ වාර්තාවේ සැර මීට වඩා බාල කොරන්න හැකියාව අපිට තිබ්බා සිංහලෙන්ම කිව්වොත් වාර්තාව සැන්ඩි කොරන්න තිබ්බා.
ඒකට අපිලට ඕන තරම් චෑන්සුත් තිබ්බා. මොකද මේ කුමාරයා මේ වාර්තා හදන්න පටන් ගත්තේ 2013 වසරෙයි ඒකට සාක්ෂි ගන්න එයාට ලංකාවට එන්න ඒ කාලේ අපේ ආණ්ඩුව කොල උදවිය ඉඩදුන්නේ නැහැ  ඒ හන්ද  මෙයා කොලේ ස්කයිප් එකෙන් අපේ අයගේ සාක්ෂි විමසුවා හැබැයි මේකට දෙමළ අයට විතරක් සාක්ෂි දෙන්න අවස්ථාව ලැබුනා කියන එකට නම් නුවා කොල්ලා එකග වෙන්නේ නැහැ ඕං.
මොකද අපේ සිංහල දේශප්‍රේමීයෝ  කියාගන්නා දේශපාලුවෝ මේකට සාක්ෂි දෙන්න පුළුවන් දෙමළ අයට විතරයි කියල මවා පෑවා. ඒ වගේම මේ කුමාරයා කොල්ලා අපේ රටේ රජයෙන් නිළ වශයෙන් ඉල්ලා සිටියා මේකට සාක්ෂි දෙන්න කියලා, ඒවෙලාවේ අපේ ඈයො කොලේ කුමාරයාට පස්ස දික් කොරලා පුස් පාට දාපු එකයි.
මේකාලේ අපේ රටේ විදේශ ඇමති වුනේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්තයා. උන්දැ කිව්වා අපි ඔය එක එක්කෙනාට සාක්ෂි දෙන්න ගිහින් සැලෙන්ඩර් වෙන්නේනෑ කියලා. උන්දැම තමයි කුමාරයා කොල්ලාගේ කස්ටියට ලංකාව එන්න දුන්නේත් නැත්තෙත්.
මේ අතරේ අපේ අයම කොමිසමක් කොරන් ගියා උගත් පාඩම් හා සංහිඳියා කියලා, ඒකෙන් නිර්දේශ වගයකුත් දුන්නා හැබැයි ඒවා ක්‍රියාත්මක කොලේ නැහැ.
මේ කුමාරයා කොල්ලාගේ වාර්තාවේ විසේසයෙන් කියල තිබ්බා මේ කොමිසමේ නිදේශ අපි ක්‍රියාත්මක කොලේ නැහැ කියලා.
ඒකෙන් මේකෙන් කුමාරයා කොල්ලාගේ අවසන් වාර්තාව 2015 සැප්තැම්බර් නිකුත්වෙනකොට මංගල උන්දැ කියනවා වගේ දේදුනු විප්ලවය වෙලා ඉවරයි. හැබැයි වාර්තාව 2015 ජනවාරි වගේ වෙනකොට කුමාරයා හදලා ඉවරයි.
මේ සියල්ල එක්ක මනව හිමිකම් වාර්තාව එලිදකිනකොට අපේ රටේ උන්දලා කඩි ගුලක් ඇවිස්සුනා වගේ ජාතිය බේරා ගනිව් කියල කෑගහන්න පටන් ගත්තා.
හැබැයි මේ වාර්තාවේ අපි කවුරුවත් නොදැක්ක එහෙමත් නැත්‍තම් නොදැක්ක වගේ ඉන්න කාරණයක් තිබ්බා. ඒ තමයි අපේ අදිකරනය පද්ධතිට අනිසි විදිහේ දේශපාලන බලපෑම් එලලවුනා කියන කාරන්නය.
මේකට  හොඳ උදාහරණ වුනේ ශිරානි බණ්ඩාරනායක නෝනට කරපු දේ. මේක අපේ ඈයෝ හිතුවේ නැති වුනාට මහා බරපතළ සිද්දියක් වුනා. මේක නිසාම අපේ අදිකරනය පද්ධතිය ශුවර් නැහැ කියලත් කුමාරයා කිව්වා, ඒකයි මේයා කිව්වේ අපේ රටේ හයිබ්‍රිඩ් උසාවියක් ඇතිකරලා නඩු අහන්න ඕනේ කියලත්.
හැබැයි අපේ අයට මතක නෑ බණ්ඩාරනායක මහත්තයගෙ ඝාතනය ගැන නඩු අහපු උසායත් ඔය කියන ජාතියේ හයිබ්‍රිඩ් උසාවියක් කියලා අනික අපේ පොලොසි ඈයො ඉන්දැද්දි ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් ගෙන්නලා පරීක්ෂණ කොලා කියන එක.
මේ දේවල් අපි පාට කන්නාඩි ගාවල බලන්න ඕනෙ කියලයි නුවා කොල්ලා හිතන්නේ අපි මැරිලා ඉපදුනා වගේ ඉදලා හරියන්නේ නැහැ ඇත්ත ඇති සැටියෙන් බලන්න ඕනේ. එහෙම නැතිව ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලගෙන ඉදලවත් පාරවල් දිගටයි බුකියට පිරෙන්නි ගොන්නු වගේ කියව කියව ගිහිල්ලාවත් හරියන්නේ නැහැ.
අපේ වළ මෙච්චර කාලෙකට අපිමයි කපා ගත්තේ ඒ වලෙන් ගොඩ එන්නත් පුළුවන් අපිටමයි.
ඒනිසා හාල්පාරු දේශපාලුවන්ගේ අතකොලු නොවී ඇත්ත ඇති සැටියෙන් දකිමු.
( මෙම ලිපියෙන් මාගේ පුද්ගලික දැක්ම අරැත් ගැන්වෙන බව කරැණාවෙන් සලකන්න)

Comments