සුදු නයාගේ සැන්ට් බෝතලය.........


නුවා කොල්ලා රාජකාරි කොරන තැන ඉන්නවා හාදයෙක් පොරගේ ලෝකය අමුතුම එකක්. ඒ හන්දාම හැමෝම මනුස්සයාට කියන්නේ සුදු නයා කියලයි. හැබැයි මේ නම පිටිපස්සේ තියෙන්නේ එසේ මෙසේ කතාන්දරයක් නෙමයි. 
අපේ කතානායකයා වෙන සුදු නයාගේ ආගමනය කන්තොරුවේ කාගෙවත් ලොකු අවාදානයක් දිනා ගත්තේ නැහැ. මොකද අපේ මේ සුදු නයා ගොඩක් අහින්සක නිශ්ශබ්ද චරිතයක්. ඒ නසා බහුතරයක් මේවගේ පුද්ගලයෙක් කන්තොරුවේ ඉන්නවාද  කියලවත් දැන්න හිටියේ නැහැ. හැබැයි දවසක්දා මේ හාදයා මහා ආන්දෝලනාත්මක ලිපියක් ලියනවා. මේ ලිපිය එසේ මෙසේ ලිපියක් නෙමෙයි මහා බලගතු සුදු නයෙක් ගැනයි. 
මේක පලවුනෙත් සති අන්තයේ ඒ හන්දා මේකට ලොකු අවදානයකුත් ලැබුනා. එදා ඉදලා පොරට ඇමෝම ආමන්ත්‍රණය කළේ සුදු නයා කියලයි.
මේත් එක්කම මේ හාදයා මෙතුවක් කාලෙකට අපි අහපු නැහි අමුතුම කතා කිහිපයක්ම ලිව්වේ අමුතුම කෝණයකිනුයි. 
ඔහොම ටික කාලයක් යනකොට කහවත්තේ මවකගේ ඝාතනයක් ගැන ලිපියක් සම්පාදනයට අපේ මේ සුදු නායා කහවත්තට යනවා. මේ ඝාතනය රටේ විශාල ආන්දෝලනාත්මක සිද්දියක් වෙන්නේ මේ අම්මාව ඝාතනය වෙන්නේ ඒ අම්මාගෙම් පුතා අතින්ම හින්දායි. කොහොම වුනත් මේවා එලිවෙන්න කලින් කහවත්තට ගියා වෙලාවෙ අපේ සුදු නයාට මේ පුතන්ඩියා ගැන අතිවෙන සැකය හන්ද ලොකු විපරමකිනුයි ඉන්නේ. ඒ වෙලාවෙම අපෙ සුදු නයා මේ අමන පුතන්ඩියාගේ මේ මහ පොලොව නුහුලන ඝාතනය ගැන කරුණු කීපයක්ම වමාරගෙනයි හිටියේ.
මේ නිසාම අපෙ සුදු නයා මේ පුතන්ඩියා ගැන ලිපියකින් මුලු රටටම හෙලිකරනවා. 
අපේ සුදු නයාගේ මේ දස්සකම් නිකම්ම පහල වෙච්චි ඒවා එහෙම නෙමෙයි. ඒ පිටිපස්සේ ලොකු  රහසක් තියෙනවා. හැබැයි කාටවත් මේ රහස එලිකරගන්න පුළුවන් වුනේ නැහැ. 
අපේ මේ සුදු නායාගේ මේසේ තියෙනවා පරන සැන්ට් බෝතලයක් මේක දිහා අපේ සුදු නයා පැය ගණන් බලන් ඉන්නවා, නුවා කොල්ලත් මේක ඇස් දෙකටම දැකලා තියෙනවා. හැබැයි කවදාවත් එ ගැන කවුරුවත් ලොකු තැකීමක් කරලා නැහැ. 
දවසක් දා නුවා කොල්ලා සුදු නයාව හම්බවෙන්න යනකොට මෙන්න මේ පොර අර කිව්ව සැන්ට්න් කුප්පියට වැදගෙන් මොනවදෝ දොඩවනවා.  
මේ දිහා ටික වෙලාවක් බලන් හිටිය නුවා කොල්ලා මේ දකින දෙයින් ඇස් අදහාගන්න බැරිවුනා. 
සුදු නයාගේ මේ දෙඩ්විල්ල ඉවර වෙනක්ම් ඉදලා හෙමීට ගොයියා ලගට ලංවෙනවත් එක්කම මෙන්න පොරට හීන් දාඩිය දාලා වෙව්ලුන්න පටන් ගත්තා නොවැ. ඒ එක්කම නුවා කොල්ලගෙන් ගොයියා එක්කම එකම ඉල්ලීමක් කාලා පොරගේ රහස කාටවත් නොකියන්න කියලා. එහෙම කියලා නුවා කොල්ලා ලව්වා දිවුරවත් ගත්තා. 
ඇත්තටම මෙච්චර කාලයක් අපේ සුදු නයා පේන කියනවා වගේ ලිපි ලියලා තියෙන්නේ මේ සැන්ට් බෝටලයේ ඉන්න භූතයාට පිං සිද්ද වෙන්නයි. 
අපේ සුදු නයා මේ භූතයාට පුද සත්කාර කරනවා විදිහයි කලින් නුවා කොල්ලා එදා දැකලා තියෙන්න.
ඕං ඉතින් නුවා කොල්ලා වෙච්චි පොරොන්දුවක් කඩ කොරන හාදයෙක් නෙමෙයි නොවැ, ඉතින්  ඒ හින්දයි මේ රහස නුවා කොල්ලා කාටවත් කිව්වෙ නැත්තෙ, ඒ වෙනුවටයි මේ සටහන තියන්න තීරණය කොලේ, මොකද නුවා කොල්ලා මේ ගැන ලියන්නේ නැහැ කියලා පොරොන්දු වුනේ නැහැ නොවෑ.

Comments