ලංකාවට පොලිමේ ගොඩ බසින ඩිප්ලොමැටික් තෙල් බෙහෙත්කාරයෝ...
පසුගිය වසරේ ජනවාරි මාසයේ අටවැනිදායින් පසුව මෙරටට රාජ්ය තාන්ත්රික වශයෙන් සිත් බිඳී තිබූ ඇමෙරිකාව සහ යුරෝපය සමඟ යළි මිත්රත්වය කරා ළං වූ බව මේ රජයේ වගකිවයුත්තන් සේම රජය පත් කරන්නට දායක වූ පුද්ගලයන් නිතර කියන කතාවකි. පසුගිය රජය සමයේදී යුරෝපා රටවල් සහ ඇමෙරිකාව ශ්රී ලංකාව සමඟ ගනුදෙනු කළ විරෝධාකල්පී ස්වභාවයත් වර්තමානයේ මේ රටවල් අප කෙරෙහි දක්වන ළයාන්විත භාවය පිළිබඳවත් යම් උද්දාමයකින් යුතුව ඔවුන් කතා කරන්නේ මෙකී සබඳතා සමඟ ශ්රී ලංකාවට අත් විය හැකි ආර්ථික ඇතුළු වෙනත් වාසිද සමඟය. මේ වාසි පිළිබඳව කතාවේදී බොහෝ විට කියවුණේ ශ්රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා ජී.එස්.පී ප්ලස් බදු සහනය යුරෝපයෙන් ලැබෙනු ඇති බවත් යුරෝපය විසින් පනවන ලද මත්ස්ය අපනයන සහනය ලැබෙනු ඇති බව මෙන්ම ජර්මානු වොක්ස්වැගන් සමාගමේ දැවැන්ත ආයෝජනය ඇතුළු තවත් ආයෝජන පහසුකම් වාසි සහගත දේ ලෙස දක්වා තිබුණි. මේ දේ වසරක් ඉක්ම ගිය තැන ලැබි නොමැත්තේ වුවද එවැනි වාසි කවදා හෝ ලැබෙන්නේ නම් එය රටක් ලෙස අපට සුබදායී වන බවට සැකයක් නැත.
මෙවැනි සුබවාදී කටයුතු රාශියක් තිබුණද මේ ගැන කතා කිරීමට වඩා මේ රටට පැමිණෙන යුරෝපීය වී අයි.පී ආගන්තුකයන් අද මෙරටට පැමිණ කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ව මේ වනවිට කාටත් ඇතිව තිබෙන්නේ කුතුහලයකි.
පසුගිය වසරේ ජනවාරියේ සිට මේ දක්වා ශ්රී ලංකාවට පැමිණි ලෝකයේ ඉහළම පෙළේ රාජ්ය තාන්ත්රිකයන් ගණන සැලකීමේදී අපට මෙම ප්රශ්නය නගන්නට සිදුව තිබේ. රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ වෛර බැඳ සිටි මෙම රාජ්ය තාන්ත්රිකයන් ගණනාවක් අද ශ්රී ලංකාවට පැමිණීම එක්තරා ආකාරයකට අපට ගෙන දෙන්නේ ද විමතියකි. විශේෂයෙන් ශ්රී ලංකාවේ අභ්යන්තරික දේශපාලනික ව්යුහයට විවිධ තර්ජංනාංගුලි දිගු කළ රාජ්ය තාන්ත්රිකයන් නව පාලනයේ අනුහස් සම්පන්න භාවය පිළිබඳ ව විවිධ කතා අප ඉදිරියේ කීහ. අප මෙලෙස පැමිණි යුරෝපීය සහ ඇමෙරිකානු රාජ්ය තාන්ත්රිකයන් පිළිබඳව මෙනෙහි කිරීමේ දී එහි අවසන් පුරුක ලෙස මේ සති අන්තය වන විටත් දිවයිනේ ගත කළ බ්රිතාන්ය රාජ්ය තාන්ත්රිකයා ගත හැකිය. ඔහු බ්රිතාන්යයේ විදෙස් හා පොදු රාජ්ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය හියුගෝ ස්වයර් ය. ස්වයර් මෙරටට පැමිණෙන්නේ පසුගිය බදාදාය. ඔහු පැමිණ කීවේ ශ්රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවලිය ලබන ජූනි මාසය නිම වන්නට පෙර ක්රියාත්මක වනු දැකිම බ්රිතාන්යයේ අපේක්ෂාව වන බවය. ඒ අයුරින් අපට දින වකවානු නිකුත් කළ බ්රිතාන්ය රාජ්ය විදේශ අමාත්යවරයා එය ප්රකාශ කළේ ශ්රී ලංකාව තවමත් බ්රිතාන්ය සමඟ සිටින්නේ 1948 ට පෙර කාලයේ මෙන්ද යන්න සිතාගෙන විය හැකිය. ඔහු තව හෙලිදරව්වක්ද කළේය. ඔහු එහිදී සඳහන් කළේ බ්රිතාන්යය ශ්රී ලංකාව සම්බන්ධයෙන් අනේවාසික ආරක්ෂක උපදේශකයකු ද පත් කරන බවය.
ශ්රී ලංකාව තිස් වසරක් තිස්සේ කොටි ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය මැද ඉතා අසීරු මානුෂීය මෙහෙයුමක් හමුවේ මෙරට ජනතාව දුක් විඳිද්දී, ශ්රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පිපිරෙන කොටි බෝම්බ නිසා එලියට බැස ගන්නට ඉඩක් නොතිබියදී ශ්රී ලංකාවේ රජයට කිසිදු උදව්වක් දෙනු වෙනුවට කොටි සහ ඔවුන්ගේ හිතවාදීන්ට දේශපාලන රැකවරණ සහිතව කිරි පෙවූ රාජ්යයක් සාමය උදා වී හත් අවුරුද්දක් උදා වෙද්දී ලබා මතෛක් නොදුන් ආරක්ෂක සහය ලබා දීම සම්බන්ධයෙන් පොදු ජනතාව ලෙස අපට යම් කුකුකුසක් නැගෙයි. ඒ ඔවුන් අතිතයේ පටන් ශ්රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති පැටිකිරිය පිළිබඳව විමසන කල්හිය.
අනෙක් අතට හියුගෝ ස්වයර් යනු පසුගිය කාලය තුළ ශ්රී ලංකාව සම්බන්ධයෙන් ද විරෝධාකල්පයක් දැක්වූ කොන්සවේටිව් පාක්ෂික දේශපාලකයෙකි. ඔහු මෙසේ ශ්රී ලංකාව කෙරේ තම ස්ථාවරය වෙනස් කොට ශ්රී ලංකාවේ අභ්යන්තරික කාරණා සම්බන්ධයෙන් අත පෙවීම සැලකිය යුත කරුණකි.
පුදුමය නම් මෙලෙස ශ්රී ලංකාවට එන මෙම යුරෝපීය විදෙස් රාජ්ය තාන්ත්රිකයන් කොළඹ හෝ කටුනායක සලකනුයේ මාරු වීමේ තොටුපළක් ලෙසින්ය. ඔවුන් ශ්රී ලංකාවට පැමිණි ගමන් දුවන්නේ යාපනයටය. ඒ අනුව හියුගෝ ස්වයර් ද ශ්රී ලංකාවට පැමිණ යාපනයට ගියේ හුදෙක් තෛයිපොංගල් දිනය සමරන්නට ම නොවේ. ඔවුන් යාපනයට යන්නේ යුරෝපීය දේශපාලන න්යාය පත්රයේ වැදගත්ම හරිය ඉටු කරන්නට වන්නට පුළුවන.
ස්වයර් එන්නට පෙර සතියේ ශ්රී ලංකාවට බ්රිතාන්ය මුල් පෙළේ රාජ්ය තාන්ත්රිකයෙක් ශ්රී ලංකාවට පැමිණියේය.
ඒ බ්රිතාන්යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ය. ටෝනි බ්ලෙයාර් ශ්රී ලංකාවට පැමිණියේ රාජ්ය තාන්ත්රිකත්වයේ බෙර ගසාගෙන නොවේ. එය තවත් ගැටලුවකි. ඔහු ශ්රී ලංකාවට ආවේ පසුගිය කාලය තුළ දෙවැනි වතාවටය. ටෝනි බ්ලෙයාර් මෙරටට පැමිණ අගමැතිවරයා හමුවූයේය. එමෙන්ම ඔහුද මෙරටට එන සෑම යුරෝපීය නායකයකුම අනුමගනය කරමින් යාපනය පැත්තට ඔලුව දැම්මේය. එමෙන්ම ඔහු දෙමළ සන්ධානයේ නායක සහ විපක්ෂ නායක රාජවරෝදයන් සම්බන්ධන් මහතා හමුවූයේය. එහිදී ඔවුන් අතර කවර කතා බහක් ඇති වුණිද යන්න මතුව ආවේ නැත. නමුත් ටෝනි බ්ලෙයාර් 2007 දී අගමැතිකමින් විශ්රාම ගෙන මේ දිනවල කරන “ව්යාපාරය” පිළිබඳව සැලකීමේදී ඔහුගේ ගමන තුළ දැඩි සැකයක් නිර්මාණය වෙයි.
ටෝනි බ්ලෙයාර්ගේ මෑත හැසිරීම් සහ ක්රියාකාරකම් ගැන පසුගියදා බ්රිතාන්ය මාධ්ය වාර්තා කොට තිබුණි. බ්රිතාන්යයේ පළ වන ජනප්රිය පුවත් පතක් වන “ද ටෙලිග්රාප් පුවත් පත ඉතා වගකීමෙන් යුතුව පවසා තිබුණේ ටෝනි බ්ලේයාර් රටින් රටවලට හදිසියේ සංචාරය කරමින් මේ වනවිට විවිධ ආයතන, ව්යාපාර සඳහා උපදේශන ලබා දීමේ ව්යාපාරයක නිරත ව සිටින බවය. ඔහු බ්රිතාන්ය මහජන මුදල් භාවිත කරමින් මෙලෙස රටින් රටට යන්නට කටයුතු කර ඇති බව පෙන්වා දෙන මෙම පුවත් පත පවසන්නේ ඇතැම් අවස්ථාවලදී බ්ලේයාර් විවිධ ව්යාපාරික මට්ටමේ කපුකම් සඳහා සතියකට රටවල් පහකට පමණ ගොස් ඇති බවය. මේ ඔහු පසුගිය කාලයේ සෞදි අරාබියාව සහ චීනය අතර සිදු කරන ලද ව්යාපාරික කපුකමක් හරහා අති විශාල මුදලක් උපයා ගෙන ඇති බව දෙ ටෙලිග්රාප් වාර්තා කළේය. ඔහු ව්යාපාරික පමණක් නොව මුදලට විවිධ රාජ්ය තාන්ත්රික සහ දේශපාලනික උපදේශනයන්ද සිදු කරන බවට තහවුරු කරගෙන ඇත.
බ්රිතාන්යයේ හිටපු අගමැතිවරයකු ලෙස ඔහුට පවතින රාජ්ය තාන්ත්රික මට්ටමේ පිළිගැනීම දඩමීමා කරගනිමින් මෙලෙස ටෝනි බ්ලෙයාර් කටයුතු කරන බවට මෙ පුවත් පත චෝදනා කර තිබුණි. මෙලෙස විවිධ රටවලට ව්යාපාර කටයුතු සඳහා ගිය ටෝනි බ්ලෙයාර්ට එම රටවලදී බ්රිතාන්ය තානාපති කාර්යාලවල සේවය සහ එහි වරප්රසාද පාවිච්චි කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ අතර පසුගිය සතියේදී බ්රිතාන්ය රජය ඔහුටත් වෙනත් කිසිදු හිටපු අමාත්යවරයකුටත් නිල රාජකාරී කටයුත්තකදී හැරෙන්නට වෙනත් පෞද්ගලික ව්යාපාර කටයුතුවලදී බ්රිතාන්ය තානාපති කාර්යාලවල සේවය කිසිදු අකාරයකින් ලබා නොදීමට බ්රිතාන්ය රජය තීරණයක් ගත්තේය.
ටෝනි බ්ලෙයාර් වැඩි වශයෙන් තම ව්යාපාර ලෙස සිදු කර ඇත්තේ උපදේශන සේවා ලබා දීමය. විවිධ ආයතන අතර විවිධ ව්යාපාර අතර නව සබඳතා ඇති කරලීම සහ දේශන සඳහා ඔහු විශාල මුදලක් අය කරන අතර ඔහුගේ සේවය ලබා ගන්නෝද එවැනිම සේවාදායකයන් පිරිසක් වෙති. පසුගියදා ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ ටෝනි බ්ලෙයාර් ව්යාපාර ගනුදෙනුවක් ගැන කතා කළේ නම් එයට රාජ්ය අංශයෙන් හෝ ඊට අදාළ පෞද්ගලික අංශවලින් විශාල ප්රචාරයක් ලැබෙනු නිසැකය. එහෙත් එය එසේ වූයේ නැත. ඔහු හමුවන්නේ මෙරට තීරණාත්මක තලයේ දේශපාලකයන් කිහිප දෙනකු පමණි. ඔවුන් සමඟ ටෝනි බ්ලෙයාර්ට ඇති ගනුදෙනුව සම්බන්ධයෙන් අපට පවතින සැකයන් පළ කිරීම සදාචාරාත්මක නොවේ. එහෙත් ඔවුන් මේ හැරෙන්නේ හෝ සැරිසරන්නෙන් කවර ගනුදෙනුවකට ද යන්න පිළිබඳ මෙරට කාගේත් අවධානය යොමු විය යුතු බව සඳහන් කළ යුතුය.
මෙවැනි පැටිකිරියක් සහිත පුද්ගලයකු හදිසියේ වසරක් තුළ දෙවරක් ශ්රී ලංකාවට ආවේ ඇයිද යන්නත් එහිදී හමුවූයේ කවර පුද්ගලයින්ද යන්නටත් සෙවීම වැදගත් වන්නේ කටුනායකින් මෙරටට වැල නොකැඩී එන යුරෝපා රාජ්ය තාන්ත්රික පිරිවර දෙස විමසුම් ඇසින් බලන කල්හිය.
හියුගෝ ස්වයර් එන්නට පෙර තවත් යුරෝපීය ස්කැන්ඩිනේවියානු රාජ්ය තාන්ත්රිකයෙක්ද ශ්රී ලංකාවට පැමිණියේය. ඔහු නොර්වීජියානු විදේශ අමාත්ය බොග් බ්රෙන්ඩේය. ඔහු මෙහිදී අපේක්ෂා කළේ පළුදු වූ නොර්වේ ශ්රී ලංකා රාජ්ය තාන්ත්රික මිතුදම නව දේශපාලන ප්රවණතා හමුවේ ශක්තිමත් කර ගැනීමට බව කියවුණි. ශ්රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම කපුකමේ නාමයෙන් නෝර්වේ රාජ්යය පසුගිය කාලය තුළ සිදු කරන ලද ක්රියාකාරම් අපට එවකට ශ්රී ලංකා සාම නියෝජිත එරික් සොල්හයිම්ගේ පෞද්ගලික කැපවීමට ලඝු කළ නොහැකිය. කොටි ත්රස්තවාදීන් කෙරෙහි නිර්ලජ්ජිත ලෙස පක්ෂපාතී බවක් පෙන් වූ රාජ්යයක් යළිත් ශ්රී ලංකාව සමඟ මෙලෙස කිට්ටු වන්නට සැරසීම පිළිබඳව ද අප පරෙස්සමෙන් කටයුතු කළ යුත්තේ වරක් අත පුලුස්සාගෙන ඇති නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරිය වන සමන්තා පවර්ද පසුගිය කාලය තළ ශ්රී ලංකාවේ සිදුවී යයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් හඬක් නැඟුූ තැනැත්තිකයකි. ඇයද පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්රී ලංකාවේ සංචාරය කරන්නීය. ඇයද මේ රටට පැමිණියේ එක්සත් ජාතීන් හරහා ශ්රී ලංකාවට දෙන ආධාර වැඩි කරවන්නට නොවේ. ඇමරිකාව තුළ ශ්රී ලංකා නිෂ්පාදන අපනයන වර්ධනය කිරීමට හෝ ඇමෙරිකානු ආයෝජකයන් කණ්ඩායමක් රැගන ශ්රී ලංකාව පෙන්වීමට නොවේ. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට ඉතාම සමීප උපදේශිකාවක ලෙසින්ද සැලකෙන සමන්තා පවර් ශ්රී ලංකාවට එන්නේ අඩුම ගණනේ ඇය නිතර සැරිසරන ට්විටර් සමාජ ජාල වබේ අඩවියේ තම ශ්රී ලංකා සංචාරය පිළිබඳව ඵසිදු සටහනක් පවා නොතබමිනි. බොහෝ විට ශ්රී ලංකා රජය සහ ආරක්ෂක හමුදා කොටි ත්රස්තවාදීන්ගේ බලය නැකි කිරීම විවේචනය කළ චරිතයක් වූවාය. ඒ බව ඇයගේ අතීත ප්රකාශයන් නිරීක්ෂණය කිරීමේදී මනාව පැහැදිළි වෙයි.එමෙන්ම ඇයද උතුරට ගොස් ලෝකයට පෙනෙන්නට එල්ලේ ක්රිඩා කොට ඇයගේ රාජ්ය තාන්ත්රික එල්ලය ජය ගන්නට උත්සාහ කළාට සැකයක් නැත.
සමන්තා පවර් එන්නට ටික දිනකට කලින් පැමිණි තවත් ඇමෙරිකානු වී.අයි.පී අමුත්තියක වූයේ නියෝජ්ය රාජ්ය ලේකම්වරියක වන නිශා බිස්වාල්ය. ඇයද ශ්රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ අසුබාවාදී ප්රකාශ නිකුත් කළ ඉන්දියාන ඇමෙරිකානු කානතාවක විය. ඇය නව රජය බලයට පත් වීමෙන් පසුව දෙවරක්ම ශ්රී ලංකාවට පැමණ ගියාය. මේ අතරේ ශ්රී ලංකාවට පැමිණි තවත් විශේෂ චරිතයක් වන්නේ ලෝක බලවතාගේ දෙවැනියා හෙවත් එම බලවතාගේ දකුනු අත සේ සැලකෙන ඇමෙරිකානු රාජ්ය ලේකම්වරයාය. වර්තමානයේ මේ පුටුවේ හිඳින ජොන් කෙරී ද ශ්රී ලංකාවට පය තබා ගියේ ඔහුගේ පාද කහනවාට නොවේ.
මේ ප්රධාන චරිතයන්ට අමතරව තවත් අවශේෂ චරිත කිහිපයක්ම ශ්රී ලංකාවට යුරෝපයෙන් පැමිණි අතර මෙම ඩිප්ලෝමැටික් (රාජ්ය තාන්ත්රික) තෙල් බෙහෙත් කාරයන් රැගෙන විත් බෙදන තෙල් තුළ ඇත්තේ එකම වට්ටෝරුවකට සැකසුණු “බෙහෙත්” ය. ඒ තුළ නිසැකව අඩංගු වන ප්රධාන ද්රව්ය කිහිපයක් ඇත. මානව හිමිකම් සුරැකීම යහපාලනය, වගකීම, සංහිඳියාව එහි අනිවාර්යයෙන් අඩංගු වන කාරණයන්ය. තම දේශපාලනික බල ව්යුහය පාලනය කර ගැනීම සඳහා අන් රාජ්යයන් අල්ලේ නටවන්නට සැරසෙන මෙකී රටවල් සෑම තැනකදීම පාවිච්චි කරන මෙකී කාරණා අද ඔවුන්ට දේව භාෂිතයක් හෝ දිව්ය ඖෂධයක් වී ඇතත් ශ්රී ලංකාව ඇතුළු ආසයානු සංස්කෘතිය තුළ අත්යන්තයෙන්ම පැවති ලක්ෂණ තුළ ඒවා ඔවුන් අපේක්ෂා කරනවාටත් වඩා සුරැකිව ඇත. එහෙත් ප්රශ්නය වන්නේ මෙම යුරෝපීය කඳවුර විසින්ම මෙකී රටවල් තුළ නිර්මාණය කරනු ලබන අර්බුද තුළ මෙම වටිනා ලක්ෂණ විනාශ වී යාමය. යුරෝපය මෙන්ම ඇමෙරිකාවද සෑම විටෙකම වැඩිපුර අත පොවන්නේ ඔවුන්ගේ බල තුලනයේදී හෝ ආර්ථිකමය කාරණාවලදී තීරණාත්මක වන රටවල් සම්බන්ධයෙනි. ඔවුන්ට අවශ්ය ආකාරයට මෙම රටවල් නොනටන කල ඒවාට එරෙහි මානව හිමිකම්වල නාමයෙන් හෝ වෙනත් කවර හෝ අර්බුදයක් හරහා රට අස්ථාවර කිරීම ඔවුන්ගේ ඇජෙන්ඩාව හෙවත් න්යායපත්රය වෙයි. මේ න්යාය පත්රය කිහිලි ගසාගෙන ශ්රී ලංකාවට එන බොහෝ බටහිර රාජ්ය තාන්ත්රිකයන් රටේ සෙසු ප්රදේශවලට යන්නට පෙර උතුරට යන්නට හො උතුරේ දේශපාලනය හමුවීමට අනිවාර්ය උත්සාහයක යෙදෙන්නේ ඒ ඇජෙන්ඩාවේ අනිවාර්ය අංගයක් වන නිසාය.
ඔවුන්ට ශ්රී ලංකාවට පැමිණ කරන ප්රකාශ අතරේ රටේ ආර්ථිකයට වාසිදායක වන කිසිදු කරුණකට වඩා මානව හිමිකම්, සාමය, සංහිඳියාව මුලට එන්නේ මේ නිසාය.
එබැවින් මෙලෙස අප රටට රාජ්ය තාන්ත්රිකත්වයේ අමුතු කෝට් බෑයක් පලඳාගෙන එන මෙකී වීඅ.අයි.පී සංචාරකයන් පිළිගන්නා ආකාරයත් ඔවුන්ට සත්කාර සම්මාන දෙන ආකාරය තුළ යම් විමසිලිවන්ත බවක් සහ ක්රමෝපායයික බවක් ඇති කරගන්නට මෙරට ඊට අදාළ අංශ කතෛක් දුරට ක්රියාත්මක වන්න්ද යන්න වැදගත්ය. තවදුරටත් මෙම වී.අයි.පී කෝට් කාරයින් ශ්රී ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන් විවිධ දේ අපට කියනු ඇත. කරන්නටද උත්සාහ කරනු ඇත. ඔවුන් ඒවා කියන්නේත් කරන්නේත් හැංගි හොරා නොවේ. මේ පියවර තුළ කවර හෝ තැනක ඔවුන් තම අරමුණ ප්රසිද්ධියේම ප්රකාශ කිරීම ඔවුන් තුළ ඇති එක්තරා “යහ ලක්ෂණයකි” එහෙත් ඔවුන්ගේ යහ ලක්ෂණය තුළ ඇත්තේ බොහෝ විට දිගු කාලීනව අපේ රටට වහ දෙන සැලසුමකි. එය අවබෝධ කර ගැනීම සහ ඊට මුහුණ දීම යහ පාලකයන් කල්පනාවෙන් කළ යුත්තකි.

Comments
Post a Comment