නැව් නැග්ගෙමි
"ශී‍්‍ර ලංකාවට උදව් අවශ්යවෙන්නේ කොයි මොහොතේද, මමත් වික‍්‍රමාදිත්‍යත් එ් මොහොතේ ඔබේ ළඟ ඉදීවි” යනුවෙන් ඉන්දියාවේ විශාලතම යුද නෞකාව වන වික‍්‍රමාදිත්‍ය නෞකාවේ කපිතාන්වරයකු වන ඒ. ඞී. තියෝපිලස් පැවසීය.
ඔහුගේ මෙම වදන තුළ ශක්තිමත් භව වීරත්වය සහ මිත්‍රත්වය ගැබ්ව තිබූ බව නොරහසකි.
මෙම සොඳුරු වදනට මුල පිරීම සිද්ධවෙන්නේ ඉකුත්දා (21) කොළඹ වරායට ඉන්දියාවේ විශාලතම යුද නෞකාව ළඟාවීමත් සමගයි. මෙම නෞකාවේ සංචාරයක් සඳහා එක්වීමට රිවිර පුවත්පත නියෝජනය කරමින් මා හටද වරම් ලැබුණි.
කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ මෙම නෞකාව එකවරම දිස්වූයේ කුඩා ගුවන් තොටුපළක් ආකාරයෙනි. මෙම නෞකාව ප්‍රහාරක ගුවන් යානා රැගෙන යාම සඳහාම නිම වූවකි.
මේ සංචාරයේදී අපේ මග පෙන්වීමට ඉදිරිපත් වුණ කපිතාන්වරයා මෙම සුවිශාල නෞකාව පිළිබඳ විස්තර කිරීම අරම්භ කළේ මේ විදිහට. ”ඉන්දියාව පාලනය කළ ශ්‍රේෂඨ නරපතියෙකු වන දෙවන චන්ද‍්‍රගුප්ත රජුගේ තිබූ නිර්භීත රණශූරත්වයට සංස්කෘතික ග‍්‍රන්ථවල සඳහන් කර තිබුණේ 'වික්‍රම’ කියලයි. එ් වගේම සංස්කෘතික ග‍්‍රන්ථවල ‘ආධිත්‍ය’ කියලා සඳහන් කළේ හිරුටයි. මෙම වදන් දෙක එක් කරමිනුයි හිරුමෙන් නිර්භීත අරුත් ගැන්වෙන අයුරින් මෙම නෞකාව වික‍්‍රමාදිත්‍ය ලෙසට නම් කරලා තියෙන්නේ.
ගුවන් යානා රැගෙන යාම සඳහාම නිර්මාණය කරලා තියෙන මෙම නෞකාවේ දිග මීටර් 285 ද පළල මීටර් 60 කින්ද යුක්ත නෞකාව තට්ට්ු 23කින්ද සමන්විතයි. රුසියාවේ නිෂ්පාදිත මෙම නෞකාව මුලින් හඳුන්වා ඇත්තේ ‘බකූ’ යනුවෙනි. මේ නෞකාව 1987 වර්ෂයේ සිට 1996 දක්වා රුසියානු නාවික හමුදාවේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව 2004 වර්ෂයේදී නෞකාව ඉන්දියාව ඇමරිකානු ඩොලර් කෝටි දෙසීය තිස් පහකට මිලදී ගෙන තිබෙනවා. එතැන් සිට 2013 තෙක් ඉන්දීය නාවික හමුදාව මේ නැව නවීකරණය කර ඇත.
ඉන් අනතුරුව කපිතාන්කි‍්‍රෂ්ණා ස්වාමිනාතන්ගේ මෙහෙයවීමෙන් 2013 ජූලි මාසයේ පළවෙනි මුහුදු ගමන ආරම්භ කළේය. සැප්තැම්බර් මාසයේ දී තමයි පළමුවරට ගුවන් යානයක් මේ නැවට ගොඩබස්වන්නේ. කියන්න සතුටුයි මේ නැවට ගුවන් යානයක් ගොඩබස්වපු පළවෙනි ඉන්දියානුවා මමයි. ඇත්තටම මගේ නාවික හමුදා සේවා කාලයේ ලබපු හොඳම අත්දැකීම, ඒක කියලා මම විශ්වාස කරන්නේ” යැයි මොහොතකට කල්පනා ලෝකයක කපිතාන්වරයා අතරමං වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එකවරම යළිත් පියවි ලෝකයට පැමිණෙමින් මෙන් උස් හඬින් සිය හඬ අවධිකළ කපිතාන්වරයා ”මේ නැව කි‍්‍රයාත්මක වෙන්න නම් අඩුම තරමේ නිලධාරීන් එකසිය දහ දෙනෙකුයි නාවිකයන් 1600 වත් ඉන්න ඕනේ නැත්නම් මේ නැවට කි‍්‍රයාත්මක වෙන්න හැකියාවක් නැහැ. මේ නැවට බොයිලේරු අටකින් එන්ජිම් හතරකින් තමයි පණ දෙන්නේ, ඒක කොච්චර බල ගතුද කියනවා නම් අශ්ව බල එක් ලක්ෂ අසූදහස බලයක් නිපදවන්න මේ එන්ජින්වලට හැකියාව තියෙනවා’’ යැයි හෙතෙම නෞකාවේ තාක්ෂණික කටයුතු විස්තර කළේය.
‘‘මීට අමතරව මෙගා වොට් දහ අටක විදුලි බලයකුත් නැව උත්පාදනය කරනවා. ඒ වගේම ගැඹුරු මුහුදේ ඕනෑම දරුණු කාලගුණයක ගමන් කරන්නත් මේ නැවට හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඕනෑම වෙලාවක අපිට කිසිම බයක් නැතිව ගමන් කරලා ඉන්දියානු සාගරයේ ආරක්ෂාව තහවුරු කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා’’ යැයි කපිතාන් තියෝපිලස් ආඩම්බරයෙන් කීවේය.
‘‘මේ හැමදේටම වැඩා විශේෂත්වය වෙන්නේ මේක ගුවන් යානා ගෙනියන්න පූළුවන් නැවක් වීමයි. අපේ නැවේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යනා වර්ග හතරක් දැක ගන්න පුළුවන්. ඒවායින් වැඩිම අවධානය දිනා ගන්නේ ‘මිග් 29 කේ’ ප්‍රහාරක ගුවන් යානාය. මේ ගුවන් යානය හතරවෙනි පරම්පරාවට අයත් ගුවන් යානයක්. මේ ඉතාම සාර්ථක ප්‍රහාරක ගුවන් යානයක්. ඒ වගේම ගොඩක් දුරින් පිහිටලා තියෙන ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මේ යානයට තියෙනවා.
ඒ වගේම විවිධ වර්ගයේ මිසයිල බෝම්බ රැුගෙන යමින් භූමියේ සිටින භට කණ්ඩායම්වලට සහය ලබාදීමේ හැකියාවත් මේ ගුවන් යානයට තියෙනවා. ඒ වගේම ගුවනේ තියෙන තවත් ගුවන් යානයක් එක්ක සටන් කරන්න හැකියාවත් මේ යානයට තියෙනවා. මේ යානය ආර්. වී. වී. - ඒ. ඊ. සහ 73 ඊ වර්ගයේ තවත් ගුවන් යානයක් විනාශ කිරීමට යොදාගන්නා මිසයිලත් කේ. එච්. 35 ඊ වර්ගයේ නාවික යාත්‍රා විනාශ කරන්න පුළුවන් මිසයිල වැඩි වශයෙන් භාවිතා කරනවා.
මේ යානයට අමතරව කොමොව් 31 කියන හෙලිකොප්ටරයත් මේ නෞකාවේ භාවිතා කරනවා. මේ යානය නෞකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට නිරන්තරයෙන් පියාසර කරනවා ඒ වගේම කොමොව් 28 කියන හෙලිකොප්ටරය සැබ්මැරීන් නාශක හොලිකොප්ටරයක් විදිහට භාවිතා කරනවා.
අපි ගාව තියෙන චේතක් හෙලිකොප්ටරයත් විශේෂ එකක්. එය බහුකාර්ය හොලිකොප්ටරයක්. මෙය මුදා ගැනීමේ මෙහෙයුම් වලටත් සන්නිවේදන කටයුතුවලටත් යොද ගන්නවා. විශේෂයෙන්ම ප්‍රහාරක යානාවක් ගුවන් ගතවෙන්න කලින් අනිවාර්යෙන්ම මේ හෙලිකොප්ටරයක් ගුවන් ගත කරලා අවට ආරක්ෂාව හොයලා බලන්නත් භාවිතා කරනවා.
අපි සතුව තියෙන තවත් වැදගත් හෙලිකොප්ටරයක් තමයි සීකින් 42 බී කියන හෙලිකොප්ටරය. මේකත් සබ්මැරීන් නාශක හෙලිකොප්ටරයක් මේක ගොඩබිම් මෙහෙයුම්වලට ගොඩක් වැදගත් වෙන හෙලිකොප්ටරයක්. දුර්ව් කියන හොලිකොප්ටරයකුත් අපි සතුව තියෙනවා. එ්ක ගොඩක් වෙලාවට මගී ප්‍රවාහනයටයි භාවිතා කරන්නේ. ඒකෙන් තමයි නැවේ ඉන්න නාවිකයන් ගොඩබිමට ගෙනියන එක කරන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අවශ්යතා වලටත් ගොඩක් වෙලාවට භාවිත කරනවා’’ යැයි කපිතාන්වරයා විස්තර කළේය.
තව විශේෂ දෙයක් තමයි මිටර් දෙසිය හැත්තෑ තුනක් වපසරියක තියෙන ගුවන් පථය. එකවර ප්‍රහාරක යාන දෙකක් ගුවන් ගත කරන්න හැකියාව මේ ගුවන් පථයට තියෙනවා. සාමාන්‍යයෙන් අපි ‘මිග් 29 කේ’ වර්ගයේ ගුවන් යානා තිහක් මේ නැවේ රැගෙන යනවා. මේ සියල්ලම එක දිගට ගුවන් ගත කරන්න හැකියාව අපිට තියෙනවා මේ නිසා අපිට විශාල ප්‍රමාණයේ ප්‍රහාරයක් එක පාරට දියත් කිරීමේ හැකියාවත් තියෙනවා. මේ හින්දාමයි අපි වික‍්‍රමාදිත්‍ය නැව ඉන්දියන් සාගරයේ මුහුදු කොල්ලකරුවන් මැඬලන්නත් භාවිතා කරන්නේ.
මේ නෞකාව විශේෂ වෙන්නේ එහි තියෙන යුද ශක්තිය නිසාම නෙවෙයි. අපි දිනකට ආහාර වේල් හාරදාස් අටසීයකට වඩා පිළියෙළ කරනවා. ඒ නිසා අපේ නිලධාරීන්ට නාවිකයන්ට ඉතාම ශක්ති සම්පන්නව රාජකාරි කරන්නත් හැකියාව ලැබෙනවා.
මේ නැව රුසියාවේ භාවිතා කළ එකක් ඒ නිසා ඒ රුසියානුවන් මේ නැව භාවිතා කළ කාලය මතක් වෙන්න වෙනම කෞතුකාගාරයකුත් අපි පවත්වාගෙන යනවා. ඒ කාලයේ මේ නැවට අද්මිරාල් ග්රෝෂ්කොව් තමයි අණ දීලා තියෙන්නේ. ඔහුගේ ඡුායාරූපයකුත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා.
අද වෙනකොට කපිතාන් කි‍්‍රෂ්ණා ස්වාමිනාතන් මේ නැවේ අණදෙන නිලධාරියා විදිහට කටයුතු කරනවා. එතුමා ඉන්දීය නාවික හමුදාවේ ඉන්න දක්ෂතම නිලධාරියෙක් එතුමා යටතේ සේවය කිරීමට ලැබීමත් අපට සතුටක්.
මේ නැවේ ඉන්න විශාල පිරිසක් ඉන්න නිසා අපිට හොඳ සෞඛ්‍ය පහසුකම් තිබීමත් අනිවාර්ය කාරණයක්. ඒ නිසාම ඉතාම දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් අපි සතුව සිටිනවා. අපිට ගිලන් ඇඳවල් තිහක් තියෙනවා. ශල්‍ය වාට්ටු හතරක් තියෙනවා ඊට අමතරව දැඩි සත්කාර ඒකකයකුත් තියෙනවා.
නිලධාරීන් 110 දෙනෙකුගෙයි නාවිකයන් 1600 ගෙයි දවස ටික හෝදන්න එන ඇඳුම් ප්‍රමාණය හිතන්න පුළුවන්ද? කිලෝ තුන්දහසකට වඩා බරක් තියෙන ඇඳුම් අපි හෝදනවා මේවා සියල්ලම නවීන යන්ත්රවලිනුයි හෝදන්නේ.”
කපිතාන්වරයාගේ මේ සියලූ විස්තර ඇසීමේ අනතුරුව හැඟී ගියේ මෙම නෞකාව නැවකට එහා ගිය සමස්ත හමුදා කඳවුරක ස්වරූපයක් ගන්නා බවයි. එසේම මෙවැනි නෞකාවක් ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වීමත් එමගින් අප රටට මෙන්ම ඉන්දියානු සාගර කලාපයටම ලැබෙන්නා වූ ආරක්ෂාව අතිමහත්ය. එමෙන්ම මේ හේතුවෙන් කලාපයේ ආර්ථික වර්ධනයටත් මෙය මහත් පිටුබලයක් වනවා නොඅනුමානය.
කොළඹ වරායට සේන්දු වූ කුඩා දූපතකට ගොඩවුණාක් මෙන් වූ මෙම නෞකාවේ වපසරියෙන් නික්මීමට මොහොතකට පෙර මම යළි එදෙස බැලූවෙමි. විටෙක මහ මුහුදේ පාවෙන කඳවුරක් මෙන් වූ වික‍්‍රමාදිත්‍ය නෞකාව ඉන්දියාවටත්, දකුණු ආසියාවටත් කොතරම් පෞඪත්වයක් එක් කර ඇත්දැයි එහි පා තැබූ හෝ එය දුටු ඕනෑම අයෙකුගේ සිතට හැඟුම් පහළ වනවාට සැක නැත.
නුවන් සේනාරත්න
ඡායාරූප : නුවන් සේනාරත්න | ශී‍්‍ර ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය
Comments
Post a Comment