මේ වසර පුරාම අඩු මිලට තෙල් ලැබෙන ලකුණු
ලෝක
වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් සඳුදා සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 27.67 ලෙසයි.
2003 වර්ෂයට පසු බොරතෙල් බැරලයක් අලෙවි වූ අවම අගය මෙය වන අතර ලෝක බොරතෙල් සැපයුම හදිසියේ ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව වාණිජ විශේෂඥයෝ සඳහන් කරති.
ඇමෙරිකාව
ප්රමුඛ බටහිර බලවේග ඉරානයට පනවා තිබූ ආර්ථික සම්බාධක ඉවත් කළේ ඉකුත් ඉරිදා (17) ය. ඉරානය ඉදිරියේ දී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නොකරන බවට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සමග එකඟ වීමත් සමග මෙසේ ආර්ථික සම්බාධක ඉවත් විය.
මේ
අනුව ඉරානය යළිත් සුපුරුදු ලෙස බොරතෙල් නිපදවීම පටන්ගෙන තිබේ. දිනකට බොරතෙල් බැරල් ලක්ෂ පහක් අතිරේක සැපයුමක් ලෙස ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීමට ඉරානය බලාපොරොත්තුවන බව මේ වන විටත් නිවේදනය කර හමාරය.
මේ
නිසා ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් සැපයුම අවම කිරීමට උත්සාහ දරන අවස්ථාවක මෙවැනි අතිරේක තෙල් බැරල් ප්‍රමාණයක් ලෝක තෙල් සැපයුමට එක්වීමෙන් තවදුරටත් බොරතෙල් මිල පහළ යා හැකි බව වාණිජ විශේෂඥයන් පෙන්වා දෙයි.
කෙසේ
වුවද ලෝකයේ සිව්වැනි ස්ථානයට වැඩිම ඛනිජ තෙල් නිධි පිහිටා තිබෙන්නේ ඉරානයේය. ඔවුන්ගේ මෙම බොරතෙල් සැපයුමත් සමග මිලියනයක පමණ අතිරේක සැපයීමක් ඇතිවිය හැකිය. ඒ අනුව සියයට හැත්තෑවකට ආසන්න මට්ටමකින් ලෝක තෙල් මිල පහළ වැටීමේ අවදානමක් මතුව තිබේ. 2014 වර්ෂයේ මැද භාගයේ සිට ඇති වූ ලෝක තෙල් මිල මේ ඔස්සේ උච්චාවචනය තීව්ර කරනු ඇතැයි ද ඇමෙරිකානු බලශක්ති තොරතුරු ඒජන්සියද පසුගියදා සඳහන් කළේය.
සම්බාධක
පැවති සමයේ අලෙවි කර ගැනීමට නොහැකිව ඉරානය විසින් රඳවාගෙන සිටි බොරතෙල් තොග එකවරම වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කළහොත් ලෝක බොරතෙල් සැපයුමේ ඇතිවන ක්ෂණික වැඩිවීම දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇතැයිද සී. එම්. සී. වෙළෙඳපොළ සමීක්ෂණ ආයතනයේ ප්‍රධාන වෙළෙඳපොළ සමීක්ෂණ නිලධාරී රීක් ස්පූනර් මහතා සඳහන් කරයි.
එමෙන්ම
චීනයේ සහ යුරෝපා සංගමයට අයත් රටවල මේ වන විට ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ ඉල්ලුම පහළ යාම හේතුවෙන් තවත් ආර්ථික ගැටලු උත්සන්න කර ඇත. මේ අතර වෙළෙඳපොළ විශේෂඥයකු වන විරේන්ද්රචාවුහාන් සඳහන් කරන්නේ පවතින තත්ත්වයත් සමග ඉරානයට දිනකට බොරතෙල් බැරල් දස ලක්ෂයක් වුවද සැපයීමේ හැකියාව පවතින බවයි.
මීට
පෙර බොරතෙල් මිලේ සිදු වූ මෙවැනි මිල පහත වැටීම්වලදී ඔපෙක් සංවිධානය ලෝක තෙල් මිල පාලනය කිරීමට මැදිහත් වූයේය. මේ වන විට සෞදි අරාබිය ප්රමුඛ මැදපෙරදිග රටවල බලපෑම හමුවේ ලෝක බොරතෙල් සැපයුම අඩු කරමින් මිල පාලනය කිරීමට ඔපෙක් සංවිධානය මැදිහත් නොවීම ගැන චෝදනා එල්ල වේ. මේ හේතුවෙන් ඉදිරි වසර කිහිපයටද බලපාන පරිදි බොරතෙල් මිල පහළ යනු ඇත.
මෙම
තත්ත්වය සම්බන්ධයෙන් එච්. එස්. බි.සී. හි ප්‍රධාන විධායක නිලධාරී ස්වුවර් ගලිවර් සඳහන් කරන්නේ ලෝක බොරතෙල් මිල ඉදිරි වසරක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් 25 ත් 40 ත් අතර මට්ටමකින් පවතිනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. ලොව ප්‍රධාන පෙළේ බොර තෙල් සැපයුම්කරුවන් ෙදෙනිකව බොරතෙල් බැරල් ලක්ෂ විස්සත්, විසිපහත් අතර සංඛ්‍යාවක අතිරික්ත සැපයුමක් සිදුකිරීමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම පැහැදිලි කරයි.
උද්ගත
වී ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් මිලට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය මහජනතාවට ලබා දීමට රජය පියවර ගන්නා බවයි.
කෙසේ
වෙතත් මිල සූත්‍රය මුවාවෙන් ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිම වැළැක්වීමට රජය උත්සාහ කරන බවට මේ වන විට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය රජයට චෝදනා කරන්නේ ලෝකය බොරතෙල් සම්බන්ධව උද්ගතව ඇති මෙම තත්ත්වය අරභයාය.
Comments
Post a Comment