වායිස්ගේ ගුවන් කරනම
ශයෙස්ටා වායිස්ට සිය ජීවිතයේ මුල්ම වරට ගුවන් යානා ගැන හරි හැටි දැගන්න ලැබෙන්නේ ගුවන් යානා අනතුරක් ගැන රූපවාහිනියේ ප‍්‍රචාරය වුන ප‍්‍රවෘත්තියක් දැකීමත් සමගයි. මේ පුවත දුටු ඇය සිය මවට ප‍්‍රකාශ කර සිටියේ ” මම කවදාවත්ම ගුවන් යානයක නම් යන්නේ නැහැ අම්මේ.” යනුවෙනුයි. ඒත් කුඩා කාලයේ ගුවන් යානය කියන වචනයට බිය වුන ඈ අද වෙනකොට බලපත‍්‍ර ලත් ලොව සිටින ප‍්‍රමුඛම ගුවන් නියමුවරියක්. එහෙත් වායිස් විශේෂත්වය වන්නේ තම බිය පරදවා ජීවිතය ජයගත්ත නිසාම නම් නොවෙයි. මන්ද අද වෙන විට ඇය ගුවන් යානයක් පැදවීමට එහා ගිය ලොක වර්ථාවක් අභිමුක සිටින නිසාවෙනි. තවමත් 29 වන වියේ පසුවන ඇය මේ ලිිපිය පළවන මොහොතේ දීත් දින 90 තුලට ලොව වට තනිවම ගමන් කළ ලාබාලතම ගුවන් නියමුවරිය වීමේ අභියෝගයට මුහුණ දෙමිනුයි සිටින්නේ. ඉකුත් මැයි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා හී ජාත්‍යන්තර ගුවන්තොටුපලින් සිය ලොව වටා සවාරිය ආරම්භ කළ වායිස් රටවල් 18 ස්ථාන 30 ක සිය ගුවන් යානය ගොබැස්වීමට නියමිතය. ඒ අනුව ඇය ඉකුත් 27 වැනිදා සිය ලොක සවාරියේ එක් ගිමන් හලක් වූ ශී‍්‍ර ලංකාවට ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළින් පැමිණියාය. ...